වැඩිම කොවිඩ් බැට සිසුන්ට: යළි එහෙම වෙන්න දෙන්න බෑ – ඇමැති ඩලස්

138

ගම් දියුණු කරන්න වෙන්කළ මුදල් ආණ්ඩුවේ හෙංචයියලා බෙදා ගන්නවා – සරත් ෆොන්සේකා

සිස්ටම් චේන්ජ් කරනවා කියා ඇවිත් තියෙන සිස්ටම් එකත් අවුල් කළා – රෝහිණී කවිරත්න (සජබ)

කොවිඞ් ව්‍යසනයෙන් බරපතළම ඛේදවාචකයට ගොදුරු වූයේ පාසල් දරුවන් බවත්, දරුවන්ට යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට සියලූ දෙනා වගබලා ගත යුතු බවත් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (19 දා) පෙරවරු 9.30 ට රැස්විණි.

නිවේදන, ලිපි ලේඛන මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත‍්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව 2022 අයවැය ලේඛණයට අදාළව දෙවැනිවර කියවීමේ විවාදය පස්වැනි දිනටත් ඇරඹිණි.

මාතලේ දිස්ත‍්‍රික් මන්ත‍්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය (සජබ) – අයවැය කතාවෙන් මුදල් ඇමැතිතුමා අභියෝග හයක් ගැන කිව්වා. ඒත් ඒ අභියෝග ජය ගැනීම වෙනුවෙන් නොවෙයි අයවැය යෝජනා සකසා තිබුණේ. අද වනවිට පෝලිම් යුගයක් ඇතිවෙලා. ගෑස් ගන්න තැනක් නෑ. අපේ ගෑස් එකත් ඉවර වුණා පෙරේදා. අද වෙනකම් මාදිවෙල ගෑස් එකක් ගන්න තැනක් නෑ. මේ අයවැය නිකම්ම නිකම් ඇස්බැන්දුමක් විතරයි. ජාතික ප‍්‍රතිපත්ති නැති දේශපාලකයන්ට මුදල් බෙදා දුන් අයවැයක් විතරයි මේක. අපි රජයේ සේවක වැටුප් 10000 කින් වැඩි කළේ නැත්නම් ඔවුන් ජීවත්වෙලා හමාරයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිවුණා කියලා ඒ අයට සතුටු වෙන්න බෑ. මොකද ඔවුන්ට ලැබුණේ ඔවුන්ගේ හිඟ වැටුපයි. ආරක්ෂක අමාත්‍යාංශයට තමයි මේ අයවැය මගිනුත් විශාල වශයෙන් මුදල් වෙන්කර තිබෙන්නේ. යුද්ධයක් නැතිවත් එවැනි මුදලක් වෙන් කිරීම පුදුමයි. මේ ආණ්ඩුවට යුද මානසිකත්වයක් තිබෙන්නේ. සෞඛ්‍යටත්, අධ්‍යාපනයටත් වෙන්කරන මුදලට වඩා මහා මාර්ග අමාත්‍යාංශයට වෙන්කරලා. අද අසූචි නැවක් ලංකාව වටේ කැරකෙනවා. ඒකට වන්දියක් හෝ ගෙවලා යවන්න. ඒ වන්දිය රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍රගෙන් ඉල්ලා ගන්න. මේ පොහොරවලින් කොමිස් ගත්තේ කවුද කියලා මේ සභාවට හෙළි කළ යුතුයි. අද මහින්දානන්ද ඇමැතිතුමාට අනුන් රකින්න ගිහින් තමන්ගේ

බෙල්ල දෙන්නැයි වෙලා තිබෙන්නේ. ආරක්ෂක අංශයට මේසා විශාල මුදලක් වෙන්කර තිබෙන්නේ මිග් යානා ගනුදෙනුවේ දෙවැනි රංගනය අරඹන්නද කියලා අපි අහනවා. දැන් රාජ්‍ය සේවය බරක්ලූ. ලක්ෂ පහයි රාජ්‍ය සේවකයෝ හිටියේ. ඒව දේශපාලන වාසි බලාගෙන රජයේ රස්සා දීලා දැන් බරක්ලූ. සිස්ටම් චේන්ජ් කියලා ඇවිත් තිබෙන සිස්ටම් එකත් අවුල් කළා.

විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා -මේ රටට ආයෝජන අවශ්‍ය මොහොතක්. ඒ සඳහා අපි ආයෝජකයන්ට දිරිගැන්වීම් ලබා දිය යුතුයි. නැතුව අපට ආයෝජන එන්නේ නෑ. මම බංග්ලාදේශයට ගියා. ඒ රට අද හොඳ තත්ත්වයක් අත්පත් කරගෙන තිබෙනවා. අපිත් ලෝකය සමග යළි ගනුදෙනු කළ යුතුයි. ඒ සඳහා යළිත් කාලයක් ඇවිත් තියෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය යළි ආරම්භ කළ යුතුයි. ඒ සඳහා මම සහ ප‍්‍රසන්න රණතුංග ඇමැතිතුමා සියලූම තානාපතිවරු මුණගැසීමට නියමිතයි. මේ කොවිඞ් වසංගතය තුළත් අපේ අපනයන ආදායට කඩා වැටුණේ නෑ. සංචාරක ක්‍ෂේත‍්‍රය කඩා වැටුණා. නමුත් අපනයන ක්‍ෂේත‍්‍රය කඩා නොවැටුණේ අපි අගය එකතු කළ නිසයි. දැන් ජී. එස්. පී. ප්ලස් සහනය ගැන කතා කරන්න විදේශ නියෝජිතයන් පිරිසක් පැමිණියා. එය තෑග්ගක් නොවෙයි. ගිවිසුමක්. ඒ ගිවිසුමට ප‍්‍රකාර කොන්දේසි සපුරාලීමට අපි අවශ්‍ය වැඩිපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව අපි විවිධ රටවල් සමග අලූත් සම්බන්ධතා අති කළ යුතුයි. අපි ප‍්‍රිකාව සමඟ සම්බන්ධතා ආරම්භ කරනවිට විපක්ෂය එදා හිනාවුණා. අපි ටැන්සානියාවට ගියා. ඊට සති දෙකකට පසුව බැරක් ඔබාමා එවකට ඇමෙරිකානු ජනාධිපති එහි ගියා. ඒ නිසා මේ වැඩපිළිවෙළට සියලූම අයගේ සහය අවශ්‍යයි.

හර්ෂණ රාජකරුණා මහතා මූලාසනයට පැමිණේ

පත්කළ මන්ත‍්‍රී යදාමිණි ගුණවර්ධන මහතා (ශ‍්‍රී. ල. පො. පෙ.) – ජනාධිපතිතුමා පත්වී අදට වසර දෙකක් ගතවෙනවා. එතුමාට මේ රට භාර දුන්නේ රට ශක්තිමත්කොට ගොඩන`ගන්නයි. නමුත් මේ කොවිඞ් වසංගතය හේතුවෙන් ඒ සියල්ල පස්සට ගියා. මොන අමාරුකම් තිබුණත් ජනතාවට සහන දීමට මුදල් ඇමැතිතුමා සහන ලබාදීම ගැන ස්තුතිවන්ත විය යුතුයි.

කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා (සජබ) – මේ අයවැයෙන් දුප්පත් මිනිහා ගැන හිතලා නෑ. මුලින්ම හිතන්න ඕනෑ දුප්පත් මිනිහා ගැනයි. බැසිල් මහත්තයා ඇමෙරිකාවේ ඉඳන්ද කොහොද අයවැය ලියලා තියෙන්නේ.

අද පොහොර නෑ. රබර් ටික කපා ගන්න බෑ. පොල් ගහකටවත් යන්න බෑ. දුප්පත් මිනිහා වැටිලා අද ඉන්නේ. හාල් ටිකක් නෑ. පරිප්පු සීනි නෑ. මම එතුමාට මතක් කරන්න ඕනෑ උතුවන්කන්දේ සූර සරදියෙල් ගැන තියෙන මිනිහාගෙන් අරන් නැති මිනිහාට දෙන්න ඕනෑ. නමුත් එතුමා අර කොම්පැණි වගයක් ගැන කතා කරනවා. රාජ්‍ය සේවක වැටුපත් වැඩි කළා නම් කමක් නෑ. හැබැයි අර මන්තී‍්‍ර විශ‍්‍රාම වැටුප් අවුරුදු 10 ක් කළානේ ඒක හොඳයි. හැබැයි, මේකේ කොස්සක් තිබෙනවා. අතීතයට බලපාන විදිහට තමයි ඒක කරන්න ඕනේ. නමුත් ඒක කළේ නෑ. මේ අයවැය ඇත්තටම කතා කළ යුතු දෙයක් නොවෙයි. සමගි ජනබලවේගය ඉතා හොඳ විරෝධතාවක් කළා. ඉතාම

සාර්ථක වුණා. මේ මන්තී‍්‍ර සංඛ්‍යාවට වඩා පුරවැසි බලය ප‍්‍රබලයි. පුරවැසියා පාරට බැස්සොත් ඔය කොළඹ ඉන්න අප්පුහාමිලාට අකුලාගෙන ඇමෙරිකාවට යන්න වෙනවා. එදා බොරු එෆ්. සී. අයි. ඞී. එකක් දාලා විපක්ෂය මර්දනය කළා. ජොන්ස්ටන් ඇමැතිතුමාව එදා හිරේ දැම්මා. ඒකෙන් එතුමාට වෛරයක් ඇති කළා. මේ ආණ්ඩුවත් දැන් කරන්නේ ඒක. මේ ආණ්ඩුවට අද පොහොර නෑ, පාස්කු ප‍්‍රහාරය බලන්න. මිනිස්සු දොස් කියනවා. නීතියෙන් බෙරුණත්, දෙවියන් දඬුවම් දෙයි. මේ ආණ්ඩුවට පිස්සු. පාස්කු ප‍්‍රහාරය එල්ල කළ අයට ආණ්ඩුව පඩි දුන්නා. දැන් මේ සභාවේ ඉන්න ඔක්කොම ජනාධිපතිලා, ඒ නිසා අපි තවත් ජනාධිපතිලා ගෙනල්ලා පිස්සො කරන්න ද ඕනේ. මේ ජනාධිපතිකම ඕනෑද කියලා හිතලා බලන්න ඕන. රටට හිතකර ව්‍යවස්ථාවක් හදන්න ඕන. අපි ඔක්කොම එකතුවකින් ජාතික ප‍්‍රතිපත්තියක් හදමු.

රත්නපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පේ‍්‍රමලාල් ජයසේකර මහතා (ශී‍්‍ර ල. පො. පෙ.) –

රත්නපුර ජනතාවට මා ස්තුතිවන්ත වනවා මා බන්ධනාගාරයේ සිටියත් මා ගැන විශ්වාසය පල කරලා පාර්ලිමේන්තුවට පත් කිරීම ගැන. අප මේ මෙහොතේ මේ කොවිඞ් වසංගතය මැ`ඩලන්න කි‍්‍රයා කරමින් සිටින යුගයක්. ඒ සඳහා ජනාධිපතිතුමා, හමුදාපතිතුමා ඉතා මහන්සියෙන් කටයුතු කරනවා. නමුත් මේ රජය අපහසුතාවට පත් කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනවා. ඒ අය කොවිඞ් රැුළි හදන්න කටයුතු කරනවා.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා –

සමුපකාර වෙළෙඳ ජාලය කියන්නේ නිදාගෙන සිටින යෝධයෙක් වගෙයි. මේ ව්‍යාපාරය ශක්තිමත් කිරීම රජයේ වගකීමක්. අපි අලූතින් කඩ 1000 ක් විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුළ සාමාන්‍ය ජනතාවට සහන මිලට බඩු මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මේ පවතින තත්ත්වයන් එක්ක බොහොම සාර්ථක අයවැයක් ඉදිරිපත් කළ කියා අපි කියනවා.

පුත්තලම දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නිරෝෂන් පෙරේරා (සජබ) –

ඉදිරියේදී වැසි ඇති වුවහොත් ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග නිසා විදුලිය කපන්න සිදු වෙනවා. ඩොලර් සංචිත අපි ඉතිරි කරපුවා සියල්ලක් අද අවසන් කරමින් යනවා. අද විදෙස් රටවල් ණය නොදෙන තත්ත්තවයක් ඇති වෙලා. බංගලාදේශයටත් ගිහින් හිඟා කන තැනට රට වට්ටලා. අයවැයෙන් කිසිම විසඳුමක් නැහැ. බැංකු පද්ධතියට බර දාලා, අනතුරේ දාලා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජයරත්න හේරත් (ශී‍්‍ර ල. පො. පෙ.) –

රජය කාබනික පොහොර පිළිබඳ තීරණ ගන්නවා. බඩඉරිඟු වගාවට එය බලපෑවා. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ තියෙන ඉල්ලූම, අස්වැන්නේ ප‍්‍රශ්න නිසා මේ පිළිබඳ නැවත කරුණු සලකා බලා පිළිතුරක් ලබා දෙන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමැති මොහාන් පී. ද සිල්වා –

කොවිඞ්වලට රට වහපු හැම අවස්ථාවකම අපි ජනතාවට සහන දුන්නා. වාරායත්, ගුවන්තොටුපළ වහපු නිසාත් රට වහපු නිසාත් රේගු හා අනෙකුත් ආදායම් කඩා වැටුණා. මේවා විපක්ෂය අමතක කර දාලා කුහක ලෙස කටයුතු කරනවා. අද කොවිඞ් නිසා මිනිස් සමාජය බිඳ වැටිලා. මුදල් ඇමැතිගේ අයවැයෙන් ජනජීවිතය නඟා සිටුවීමට සැලසුම් යෝජනා කර තිබෙනවා.

වැඩිම කොවිඩ් බැට සිසුන්ට: යළි එහෙම වෙන්න දෙන්න බෑ - ඇමැති ඩලස්

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ) –

අයවැයෙන් කියවුණේ ජනතාවට දීමට නොව ජනතාවගෙන් ගැනීම පමණයි. අච්චර දෙනවා කිව්වත් ඒ ගැන විශ්වාසයක් නැහැ. ආහාර සුරක්ෂිතතාවය ගැන මුදල් ඇමැති කිව්වත් ජනතාව ඒ ගැන දන්නවා විඳින දුක. එළවළු මිල විශාල ලෙස ඉහළ ගිහින්. මුදල් ඇමැතිතුමා හීන මාලාවක් කියෙව්වා.

රබර් නිෂ්පාදනය වැඩි කරනවා කිව්වා. කාබනික පොහොර දාලද දන්නෙ නැහැ රබර් වගා කරන්නේ. කෘෂි නිෂ්පාදන අපනයනය කරනවා කිව්වා. මේ දිනවල ගොවීන් පාරේ පඹයින් පුච්චනවා. අයවැයෙන් පොහොර ප‍්‍රශ්නයට විසඳුමක් නෑ.

රටේ ඩොලර් ප‍්‍රශ්නයට කිසිම විසඳුමක් නැහැ. රටේ විදේශ ණය බර වැඩියි. ඒ නිසා ශ්‍රේණිගත කිරීම්වලින් පහළ වැටිලා. ලෝකයට දරා ගන්න බැරි විදිහට අපි ණය වෙලා.

අපේ ආණ්ඩුව ගත් ණයවලින් සියයට 70 ක්ම මහින්ද රාජපක්ෂ යුගයේ ණය පොලී ගෙවන්න ගත්ත ඒව. ඒ වගේම යුද්දෙ කාලේ ගත්ත ණය ගෙව්වෙත් ඒ කාලයේ. මේ ආණ්ඩුව බිලියන 10000 ක් වත් ණයට ගනීවි. ණය උගුලේ හිරවෙනවා.

ග‍්‍රාමීය ප‍්‍රදේශ දියුණු කරන්න වෙන් කරපු මුදල් ආණ්ඩුවේ හෙංචයියන්ට බෙදාගන්නයි සූදානම් වෙන්නේ.

ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම – අපි අද බිහිසුණුම කාලයක් ගෙවන්නේ අගුළු වැටිච්ච ආර්ථිකයක් යටතේයි. අඩුපාඩුකම් ඇති විවේචනය කරන්න. නමුත් දුෂ්කරතාව අවබෝධ කර ගනිමු. ඉතිහාසය සමග සංසන්දනය නොකර වසංගත කාලය සමග සංසන්දනය කරන්න.

සියලූම පක්‍ෂවල සියලූ දෙනා අවංකවම තේරුම් ගන්න අද පවතින කාලය. වීසා නොමැතිව අපේ රටේ පුද්ගලයකුට සංචාරය කළ හැක්කේ රටවල් 47 ක පමණයි. වීසා නොමැතිව කිසිම සංවර්ධිත රටකට යන්න බැහැ. කොරියාවේ පාස්පෝට් එකට නිදහසේ මුළු ලෝකයටම යන්න පුළුවන්. අපි මේ තැනට වැටුණේ ඇයි, කාගේ වරදින්ද, මොන ආණ්ඩුවද, අපි සියලූ දෙනාම මෙහි සම සම විත්තිකරුවන් වී තිබෙනවා ජනතාව ඉදිරියේ. අපි විසින්ම මෙහි වගකීම භාරගත යුතුයි. ප‍්‍රශ්නයක් විසඳීමට ප‍්‍රශ්නය හඳුනාගත යුතුයි. එහි වගකීම භරගත යුතුයි.

මේ විවාද කළ දින 5 දීම කළේ දෙපැත්තට බැණ ගැනීම පමණයි. වසංගතයෙන් නැවත හරවන්න බැරි වුණේ අසරණ පාසල් දරුවන්ව. ඔවුන් මේ ඛේදවාචකයේ ලොකුම වින්දිතයන්. මෙවැනි තත්ත්වයක් යළි කිසිදා ඇති නොවන්නට අපි වගබලා ගත යුතුයි. තෘප්තිමත් ගුරු සේවයක් ඇති කිරීම අප කාගේත් වගකීමක්. 2027 වනවිට දැන් සිටින ගුරුවරුන් වගේම සියලූ ගුරුවරුන් උපාධිධාරි ගුරුවරුන් බවට පත් කරමු. සෑම පාසලකටම බ්‍රෝඞ්බෑන්ඞ් සබඳතා ලබාදීමට යෝජනා වී තිබෙනවා එය හොඳ තත්ත්වයක්.

පත් කළ මන්තී‍්‍ර ආචාර්ය සුරේන් රාගවන් මහතා (ශී‍්‍රලපොපෙ) – මේ විවාදයට මා සහභාගි වන්නේ සෑහීමකින්, සතුටකින්, තෘප්තියෙන් නොවෙයි, මොකද අපි තවමත් කතා කරන්නේ මේ අයවැය පරතරය පියවන්නේ කොහොමද, මේ ආර්ථිකය ගොඩගන්නේ කොහොමද කියලයි. ඒ වගේම අද මේ වනවිට පාර්ලිමේන්තුවේ වාඩිවී සිටින්නේ කීදෙනාද? එය ජනතා අභිලාෂය ඉටුකිරීමක්ද? මේ අයවැය තුළින් අපට ලබාදී තිබෙන සිතියම අනාගත ලංකාවේ මධ්‍යස්ථානය දක්වන සිතියමයි.

මධුර විතානගේ මහතා මූලාසනයට පැමිණේ.

හම්බන්තොට දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චි මහතා (සජබ) – මේ අයවැය පුස්සක්. අද අම්මලා දරුවන්ට වස පොවල දිවි නසාගන්නවා. ගෑස් නෑ, කිරිපිටි, හාල් නෑ. සිමෙන්ති නෑ. බාස්ලාට වැඩ නෑ. ධීවරයෝ ජනාධිපතිගේ

අම්මාට බැණ බැණ තමයි තෙල් පෝලිමේ ඉන්නේ. මෙහෙම වුණේ රාජපක්‍ෂලාගේ හෙංචයියලාට බදු සහන දීපු එකෙන්. මේ හැමෝම ඉල්ලං කන්නේ ඒකයි. ලබන අවුරුද්දේ කන්න වෙන් නෑ. මල්ලිලා දෙන්නා මහින්ද අයියව විනාශ කරල පැනල යාවි. යුද්දෙ කාලේ පැනල ගියා වගේ මේ යුද්දෙදිත් මල්ලි පැනල යාවි.

ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි (ශී‍්‍රලපොපෙ) – විදේශ විනිමය අපතේ යන ක‍්‍රම අඩු කරන වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ආයෝජකයන් ආරක්‍ෂා කරන වැඩපිළිවෙළක් අවශ්‍යයි. ආනයන වියදම තවත් වැඩි වෙලා. පැහැදිලි ආර්ථික ප‍්‍රතිපත්තියක් සමග පැහැදිලි විදේශ ප‍්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. ණය ගෙවීමට කාලයක් ඉල්ලා ගත්තේ නැත්නම් ඉදිරි මාස කිහිපය තුළ අතිශය බරපතළ තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවේවි.

අද තේ වලට පොහොර නැතිව ජනතාව දුක් විඳිනවා. යූරියා මිටියක් දැන් රුපියල් 10000 ට විකුණනවා. මේ ගැන අවධානය යොමු කරන්න.

රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර – කොවිඞ් වසංගතය ආවේ ජනාධිපති දිවුරුම් දීලා මාස කිහිපයකින් මේ අයවැයේදී වාද විවාද කරගත යුත්තේ මේ කාල වකවානුව පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි. එන්. එම්. පෙරේරා, රොනී ද මෙල්, සරත් අමුණුගම, මංගල සමරවීර, රවී කරුණානායක අයවැය ඉදිරිපත් කළේ මෙවැනි තත්ත්වයන් යටතේ නොවෙයි. සංචාරක කර්මාන්තය මුළුමනින්ම වැටුණා. අපනයන වැටුණා. විදේශ රැුකියා ආදායම වැටුණා. බරපතළ ආර්ථික අර්බුදයක් තිබූ රටකට තමයි කොවිඞ් වසංගතය හැදිල රට වහන්න සිදු වුණේ.

මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදයන කිරින්දගොඩ මහතා (ශී‍්‍රලපොපෙ) – ආනයන වියදම ඉහළ යෑම හා විදේශ රැුකියා ආදායම් අඩුවීම විදේශ මුදල් අඩු වීමට හේතු වුණා.

ඉහළ සංචාරක ව්‍යාපාරයක් කි‍්‍රයාත්මක කළ යුතුයි. සංචාරක හෝටල් කර්මාන්තය කඩාවැටිලා. ණය ගෙවීම් අර්බුදයට ලක්වෙලා. මේ ගැටලූවලට කඩිනමින් විසඳුම් ලබාදිය යුතුයි. ආයෝජන වර්ධනය කරගත යුතුයි. ඔවුන්ට අනුමැතියේදී මුහුණ දීමට සිදුවන ගැටලූවලට වහා විසඳුම් ලබාදිය යුතුයි.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම (සජබ) – මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පවරන්නෙ කොහොමද, පරිසර අමාත්‍යාංශයේ රාජකාරිය බැහැර වෙලා. වසර 65 දක්වා දීර්ඝ කිරීමෙන් රුපියල් මිලියන ගණනක් ඉතිරි කරන්න හදනවා.

ආණ්ඩුව පොඩි මුදලක් ඉතිරි කරගන්න ගිහින් වයස වැඩි කරනවා. තව වියදම් වැඩි වෙනවා. ගමේ මිනිහාට ජීවත් වෙන්න විදිහක් නැහැ. පාරට තාර දාන එකද තිබෙන වුවමනාව. ගමේ යාන්ත‍්‍රණයක් අද නැහැ. ගම ශක්තිමත් නොකර සල්ලි වියදම් කරල වැඩක් නැහැ. මේ පළාත් පාලන මැතිවරණය දැක දැක මුදල් නාස්ති කරන්න යනවා.

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ – අද විපක්‍ෂය ආර්ථික ඔස්තාර්ලා වගේ කතා කරනවා. මේ ඔස්තාර්ලාට 2015 දී භාර දුන්නේ සියයට 7 ක ආර්ථික වර්ධනයක් තිබුණු රටක්. ආපු ගමන් සියලූ ව්‍යාපෘති නැවැත්වුවා. පහුගිය ආණ්ඩුවේ විනාශකාරී යුගය නැවත හදන්න තමයි අද ආණ්ඩුවට මේ තරම් වෙහෙසක් දරන්න වෙලා තියෙන්නේ.

එදා එන්ටප‍්‍රයිස් ශී‍්‍ර ලංකා වෙනුවෙන් වියදම් කරපුවා කවුරුත් කතා කරන්නේ නැහැ. අද දුප්පත් ජනතාවට කරන වියදම් විවේචනය කරනවා.

පත්කළ මන්තී‍්‍ර මහාචාර්ය තිස්ස විතාරණ (ශී‍්‍රලපොපෙ) – ණය ආර්ථිකය දියුණු කිරීමට අයවැයෙන් වැඩි බරක් යොදවා තිබෙනවා. රටේ ජනතාව සියයට 50 ක් පමණ දරිද්‍රතා රේඛාවට පහළින් මන්දපෝෂණය පවතිනවා. ඒ ජනතාවගේ ක්‍ෂණික ප‍්‍රශ්නවලට විසඳුම් දීමටත් රට දියුණු කිරීමටත් අමාරු තත්ත්වයක් තුළදීත් කටයුතු කර තිබෙනවා.

රට තුළ කුඩා කර්මාන්ත දියුණුව වැදගත්. අමුද්‍රව්‍ය තිබෙනවා. ගම් මට්ටමින් කර්මාන්ත දියුණු කළ හැකියි. අයවැය තුළින් ඊට ප‍්‍රතිපාදන ලබාදීම හොඳ දෙයක්.

ෆයිසර් එන්නත ගැන විiානුකූලව මගේ සැකයක් පවතිනවා. ජානගතවත් පාවිච්චි කරන එන්නත් කොවිඞ්වලට පාවිච්චි කරන්නේ මුල් වරටයි. එහි කි‍්‍රයාවලිය ගැන කාටවත් අනාවැකි කියන්න බැහැ. ෆයිසර් එන්නත ගෙන්වීම අඩු කරගෙන විකල්ප එන්නත් පාවිච්චි කරන්න කියා මම ඉල්ලනවා.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සහන් ප‍්‍රදීප් විතාන (ශී‍්‍රලපොපෙ) – විපක්‍ෂය බලාපොරොත්තු වුණේ මෙවැනි සාර්ථක අයවැයක් නොවෙයි, අපිට කරගන්න බැරිවෙයි කියා. නවක මන්තී‍්‍රවරු ලෙස විශ‍්‍රාම වැටුප නැති කරනවා නම් ඊට සහය දීමට සූදානම්.

පාර්ලිමේන්තුව අද (20 දා) පෙරවරු 9.30 ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment