වැසි වැටී ශූරතාව දෙකට බෙදේ

128

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාව එස්එස්සී ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජයට හිමි විය.

එම කණ්ඩායම් දෙක අතර පැවති අවසන් මහා තරගයට වැස්ස විසින් බාධා පැමිණවීම මත තරගය පුරා ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ පන්දු වාර 64.4 ක් පමණි.

සිව් දින තරගයක් ලෙස පැවති එම තරගයේ පළමු දිනයේ පන්දු වාර 63 ක් පමණක් ක්‍රියාත්මක කළ අතර දෙවැනි සහ සිව්වන දින (ඊයේ) සම්පූර්ණයෙන්ම වර්ෂාවෙන් අපතේ ගියේය.

තෙවැනි දිනයේ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ ද පන්දු දහයක් පමණි.

අවසන් මහ තරගයේ පළමු දිනයේ දී ශතකයක් වාර්තා කිරීමට එස්එස්සී ක්‍රීඩා සමාජයේ අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර ඔහු තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ රවිඳු ප්‍රනාන්දු තරගාවලියේ වීරයා බවට පත් වූයේය.

මෙවර තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට එස්එස්සී පිල සමත් වූ අතර තරගාවලි ඉතිහාසයේ පළමු වරට අවසන් සටනට පිවිසීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment