විදුලි ගාස්තු අඩු වන හැටි

706

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.ඒ අනුව ඒකක 30‌ට අඩු කාණ්ඩයේ පාරිභෝගිකයින්ගේ විදුලි ඒකක මිල සියයට 33කින් අඩු කෙරේ • ඒකක 31ත් 60ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 28කින් ද ඒකක 60ත් 90ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 30කින් ද ඒකක 90ත් 180ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 24කින් ද ඒකක 180ට වැඩි ගෘහස්ත කාණ්ඩය සදහා සියයට 18කින් ද ගාස්තු අඩු කෙරේ • ආගමික ස්ථානවලට සියයට 33ක අඩු කිරීමටත් හෝටල් සහ කර්මාන්ත අංශවල බිල්පත සියයට 18කින් ද පොදු කාර්ය කාණ්ඩයට සියයට 23ක අඩුවීමක් ද රාජ්‍ය අංශය සදහා සියයට 22කින් ද විදුලි ගාස්තු අඩු කෙරේ. • වීථි ලාම්පු සදහා සියයට 20ක අඩුකිරීමක් ද සිදු කර ඇත. සමස්ත ගාස්තු අඩුවීම සියයට 21.9කි. නව ගාස්තු ක්‍රමය යටතේ ඒකක 30ට අඩු පාරිභෝගිකයින්ගේ මාසික ගාස්තුව රුපියල් 180 සිට 150 දක්වා අඩු කෙරේ. ඔවුන් ගෙවන ඒකක මිල රුපියල් 12 සිට රුපියල් 8 දක්වා අඩුකර ඇත. ඒකක 31ත් 60ත් අතර පාරිභෝගික කාණ්ඩය ගෙවු රුපියල් 360ක මාසික ගාස්තුව රුපියල් 300ක් දක්වා අඩුකර ඇති අතර එම කාණ්ඩය සදහා ඒකක මිල රුපියල් 30 සිට 20 දක්වා අඩුකෙරේ. ඒකක 60 ට වැඩි කාණ්ඩ පළමු ඒකක 60 සදහා දැනට අයකරන රුපියල් 38 රුපියල් 25 දක්වා අඩු කර ඇත.ඒකක 60ට වැඩි 90ට අඩු කාණ්ඩය සදහා ඒකකයට දැනට අයකරන රුපියල් 41ගාස්තුව රුපියල් 30 දක්වා අඩු කර ඇත.වත්මන් මාසික ගාස්තුව රුපියල් 480 සිට රුපියල් 400 දක්වා අඩු කර තිබේ. ඒකක 90ට වැඩි ඒකක 120ට අඩු කාණ්ඩය සදහා ඒකකයට දැනට අයකරන රුපියල් 59 ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කර ඇත.දැනට අයකරන රුපියල් 1,180 මාසික ගාස්තුව රුපියල් 1,000 දක්වා අඩු කර තිබේ. ඒකක 120ට වැඩි ඒකක 180ට අඩු කාණ්ඩය සදහා ඒකකයට දැනට අයකරන රුපියල් 59 ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කර තිබේ.දැනට අයකරන රුපියල් 1,770 මාසික ගාස්තුව රුපියල් 1,500 දක්වා අඩු කර තිබේ. ඒකක 180 වැඩි කාණ්ඩය සදහා ඒකකයට දැනට අයකරන රුපියල් 89 ගාස්තුව රුපියල් 75 දක්වා අඩු කර තිබේ.දැනට අයකරන රුපියල් 2,360 මාසික ගාස්තුව රුපියල් 2,000 දක්වා අඩු කර තිබේ. වහල මත සවිකළ සුර්ය බලාගාර ඇතුළු පුනර්ජනනීය විදුලි බලාගාර හිමියන්ට කලළ යුුතු ගෙවීම් සහ හිග පොලී මෙම මස 31ට පෙර ගෙවන ලෙස ද කොන්දේසී පනවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment