සහල්-සීනි හිඟය තවදුරටත්

162

රට පුරා තවදුරටත් සීනි හා සහල් හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

මේ හේතුවෙන් සීනි හා සහල් මිලදී ගැනීමට වෙළෙඳපොළට යෑමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව ද ඇතැම් වෙළෙඳුන් සහල් හා සීනි සඟවා තබාගෙන අධික මිල ගණන්වලට අලෙවි කරන බවට ද පාරිභෝගිකයෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය නිසි ලෙස සොයා නොබැලීම පිළිබඳව ජනතාව දැඩි අප්‍රසාදය පළ කරති.

ආනයනික සීනි කිලෝවක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමට රජය පසුගියදා පියවර ගත් අතර බදු වැඩිකිරීමත් සමග බොහෝ වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමීම නිසා සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජයට සිදුවිය.

ඒ අනුව සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 275ක් ද දුඹුරු සීනි කිලෝවක් සඳහා රුපියල් 330ක් ද ලෙස පාලන මිලක් පනවා තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment