සැප්තැම්බර් 30 වනවිට අවු. 18ට වැඩි සැමට එන්නත

718

කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම අවම කිරීමේ පියවරක් ලෙස ලබන සැප්තැම්බර් මස තිස් වැනිදා වන විට මෙරට වයස අවුරුදු 18 වැඩි සියලූම පුද්ගලයන් සදහා එන්නත් ලබාදී අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මේ ස`දහා අවශ්‍ය වන එන්නත් මාත‍්‍රා මිලියන 23ක් මිලදී ගැනීම ස`දහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් ප‍්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.

කැබිනට් මණ්ඩලය මගින් පත් කරනු ලැබූ සාකච්ඡුා සම්මුති කමිටුව තීරණය කර ඇති මිල ගණන් යටතේ ‘සයිනෝෆාම්’ එන්නත් මාත‍්‍රා මිලියන 09ක් සහ ෆයිසර් එන්නත් මාත‍්‍රා මිලියන 14ක් මේ අනුව මිලදී ගැනීමට නියමිතය.

මෙරට ජනගහනයෙන් මිලියන 14ක පිරිසක් එන්නත්කරණයට ලක් කිරීමේ වැඩපිළිවෙළට අනුව ඉකුත් 09 වැනිදා වන විට මෙරටට එන්නත් මාත‍්‍රා මිලියන 19.49ක් ලැබී තිබුණු අතර ඉන් මාත‍්‍රා මිලියන 11.26ක් පළමු මාත‍්‍රාව ලෙසත් දෙවැනි මාත‍්‍රාව ලෙසින් මාත‍්‍රා මිලියන 3.25 ක් ද ලබාදී තිබෙන බවත් ඇමැතිවරයා ස`දහන් කළේය.

කැබිනට් තීරණ දැනුම්දීම ස`දහා ඊයේ (18 වැනිදා) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවේදී රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment