සිටිලීග් සභාපති කුසලානය කොළඹට

102

සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව සිවුවැනි වරටත් හිමිකර ගැනීමට කොළඹ පාපන්දු සමාජය පෙරේදා (06 වැනිදා) සමත් වූයේය.

කොළඹ පාපන්දු සමාජය හා මාලිගාවත්ත යූත් පිල අතර පැවැති අවසන් මහා තරගයෙන් කොළඹ පාපන්දු සමාජය ගෝල් 2-0ක ජයක් ලබා එම ශූරතාවයට හිමිකම් කීය.

සිටිලීග් සභාපති කුසලානය කොළඹට

ජයග්‍රාහී කොළඹ පාපන්දු සමාජයට කුසලානය සමග මුදලින් රුපියල් 150,000ක ත්‍යාගයක් ද අනුශූරතාව දිනාගත් මාලිගාවත්ත යූත් පිලට කුසලානය සමග මුදලින් රු. 100,000ක් ද පිරිනැමුණි. මෙම අවසන් මහා තරගය නැරැඹීමට 5000කට අධික ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටි අතර තරගයේ පළමු භාගයේ දෙපිලම ගෝල් වාර්තා නොකළ අතර, 51 වැනි හා 64 වැනි මිනිත්තුවලදී කොළඹ පාපන්දු සමාජයේ මොහොමඩ් ආකීබ් තම පිලට ගෝල් දෙකම එක් කළේය.

තරගාවලියේ දක්ෂතම ගෝල් කීපර් ට හිමි සම්මානය කොළඹ පාපන්දු සමාජයේ ඉම්රාන් නසීර්, හොඳම ආරක්ෂක කලාපයේ ක්‍රීඩකයා ලෙස මාලිගාවත්ත යූත් පිලේ මොහොමඩ් ෆසීල්, හොඳම මැදපෙළ ක්‍රීඩකයාට හිමි සම්මානය කොළඹ සමාජයේ අහමඩ් සස්නි, හොඳම ප්‍රහාරකයාට හිමි සම්මානය මොහොමඩ් ආකීබ් හා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාලිගාවත්ත යූත් පිලේ මොහොමඩ් සර්ෆාන් සම්මාන දිනා ගත්හ.

සිටිලීග් පාපන්දු ලීගයේ සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික මුදලින් ත්‍යාග වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබාදී තිබුණි.

කොළඹ පාපන්දු සමාජයේ නායක මොහොමඩ් අෆීල් හා රවුමි මොහිදීන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අතින් කුසලානය ලබාගත් අයුරු. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, එක්ස්පෝ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සායිෆ් යූසුප් හා සිටිලීග් සභාපති ආර්. පුවනේන්ද්‍ර යන මහත්වරු ද සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment