සියලු වින්දිතයන්ගේ සහභාගිත්වයෙන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ණ විමර්ශනයක් ඕනෑ – ජිනීවා කොමිසම

147

ජාත්‍යන්තර සහායෙන් සියලු වින්දිතයන් සහභාගි කරගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 54 වැනි සැසිවාරය ඊයේ (11 දා) ජිනීවාහි මානව හිමිකම් කොමිසමේදී ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පසුගිය සතියේ නිවේදනයක් මගින් කියා තිබුණේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වගවීම අඛණ්ඩව සිදුනොවන බවයි. එහිලා ශ්‍රී ලංකා රජය අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතු බව මානව හිමිකම් කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment