TikTok යතුරු පැදි කරුවන්ට වැඩ වරදී

366

බම්බලපිටිය මුහුදු මාර්ගයේ නිසි අවසරයකින් තොරව අද අලුයම යතුරුපැදි ධාවන තරගයක නියැලුණු වයස අවුරුදු 27ත්23ත් අතර වියේ පසුවන තරුණයින් 8 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එමෙන්ම යතුරුපැදි 5ක් ද එම කොට්ඨාස නිලධාරින් සිය භාරයට ගෙන ඇත.බම්බලපිටිය මුහුදු මාර්ගයේ එම යතුරුපැදි ධාවන තරගය සංවිධාන කර තිබුණි.කොළඹ අපරාධ කොට්ඨාසය පවසන්නේ TikTok මගින් අද අලුයම් කාලයේ තරුණයින් මීට කැඳවාගෙන ඇති බවය.එමෙන්ම නීතිවිරෝධී ලෙස යතුරුපැදි ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ඔවුන් TikTok සමාජ මාධ්‍යට එක්කර තිබුණි.මාර්ගයේ ධාවනය වූ රථවලට සහ පදිකයින්ට බාධා වන අයුරින් යතුරුපැදි විශාල ප්‍රමාණයක් එලෙස මාර්ගයේ ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment