ආතර් – දසුන් වාදයට ආනල්ඩ්ගෙන් චෝදනා… පුහුණුකරු – නායක විවාද පිට්ටනියේදී හොඳ නැහැ… ආනලඩ්

406

බැණ වැදීමක් සිදු වුණේ නැහැ –  මිකී ආතර්
 
  දසුන් ශානක සහ තමා අතර සිදු වූයේ බැණ වැදීමක් නොව යහපත් ආකාරයේ වාද කිරීමක් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු මිකී ආතර් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.
 
 ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පෙරේදා (20 දා* පැවැති දෙවැනි එක්දින තරගයෙන් පසුව කී‍්‍රඩා පිටියට පිවිසි මිකී ආතර් මහතා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට උස් ස්වරයෙන් කිසියම් දෙයක් ප‍්‍රකාශ කරන අයුරු රූපවාහිනියෙන් දක්නට ලැබිණි. එම සිද්ධියේ වීඩියෝ දර්ශන පසුව සමාජ මාධ්‍ය ජාලාවල ද දක්නට ලැබුණු අතර ඒ පිළිබඳව හිටපු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයකු සහ තරග විස්තර විචාරයේ යෙදී සිටි රසල් ආනල්ඞ් සිය ට්විටර් ගිණුමේ මෙසේ සටහන් කර තිබිණි.

mikeපුහුණුකරුවාත් නායකයාත් අතර වාද විවාද තිබෙන්න පුළුවන්. ඒත් ඒ කී‍්‍රඩකයන්ගේ කාමරය ඇතුලෙ මිසක් පිට්ටනියේදී නොවේ.
 
 ශී‍්‍ර ලංකා පුහුණුකරු මිකී ආතර් මහතා ඊට පිළිතුරු ලෙසින් සිය ට්විටර් ගිණුමේ මෙසේ සටහන් කර තිබුණේය. ”ඇත්තටම කිව්වොත් ඒක හොඳ වාද කිරීමක්, ඒකෙන් කිසියම් අමුතු යමක් නිර්මාණය කරගත යුතු නැහැ” යනුවෙනි.
 
 කෙසේ වෙතත් රූපවාහිනි දර්ශනවල දකින්නට ලැබුණේ වාද විවාදයකට එහාගිය දෙයක් ඔවුන් දෙදෙනාගේ හමුවේදී සිදුවූ බවයි.
 
 ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවති එම තරගයෙන් ඉන්දියාව කඩුලූ 3 කින් ජයගත් අතර ඒ සමග ශී‍්‍ර ලංකාවට තවත් තරගාවලි පරාජයක් ද උරුම විය. ශී‍්‍ර ලංකාව එක දිගට ලැබූ 5 වැනි එක් දින තරගාවලි පරාජය එය වූ අතර ඉන්දියාවට එරෙහිව එක දිගට ලද 9 වැනි එක් දින තරගාවලි පරාජය විය.
 
 අදාළ තරගය කි‍්‍රයාත්මක වන අතරතුර තරග තීරක රන්ජන් මඩුගල්ල මහතා ද ශී‍්‍ර ලංකා පුහුණුකරු මිකී ආතර් මහතා හමුවී යමක් ප‍්‍රකාශ කරනු දක්නට ලැබිණි. එම අවස්ථාවේදී ද මිකී ආතර් මහතා තරමක කලබල ස්වරූපයක් පෙන්නුම් කරමින් කී‍්‍රඩාගාරයේ රැුඳී සිටි අතර රන්ජන් මඩුගල්ල මහතා ඔහු හමුවට පැමිණියේ එම අවස්ථාවේදීය. කෙසේ වෙතත් එම හමුවීම සුහද ආකාරයෙන් විසදෙනු දක්නට ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment