උඩුගම මහජන බැංකු ශාඛාව ලෝක ළමා දිනය සමරයි

74

උඩුගම මහජන බැංකු ශාඛාව වර්ෂයක් පාසා සංවිධානය කරන ලෝක ලමා දින සැමරුම මෙවරත් නාගොඩ ප්‍රාදේශීය සභා උප කාර්යාල ශ්‍රවනාගාරයේදී අද පැවැත්විණි.

මේ සඳහා පෙරපාසල් 5 ක දරුදැරියන් සහභාගි කරගෙන ලමා තරඟ හා සිඟිති පොලක්ද පැවැත් විය. අවසානයේ ළමුන් සඳහා තිළින ප්‍රධානයක්ද සිදු කෙරිණි. මේ අවස්ථාවට මහජන බැංකුවේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමණාකාර එන්. කේ විමලසිරි, ප්‍රාදේශීය ව්‍යාපාර නිලධාරීනී එම්. ජී. සචිත්‍රා සමන්තා” උඩුගම මහජන බැංකුවේ කළමණාකරු යූ. ජී. නන්දන යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පරිසක් එක්වූහ.

සටහන හා ඡායාරූපය සිරිසේන ගමගේ – නෙළුව

advertistmentadvertistment
advertistmentadvertistment