එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්  සිපෙට්කෝ මාස 6 කට තෙල් ගන්න යයි…

306

සියයට 50ක් ගෙවීම් රුපියල්වලින්

මාස හයක ණය සහන කාලයකට මෙරටට අවශ්‍ය බොරතෙල්, පිරිපහදු කළ පෙට‍්‍රල් හා ඞීසල් මිලදී ගැනීමට අදාළ ගිවිසුමකට එළඹීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමත් වී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් සමග මෙම ගිවිසුම අත්සන් කර ඇත.

ලබන ජුනි මාසයේ සිට මෙම නෞකා මෙරටට ගෙන ඒමට නියමිතව තිබෙන අතර නැවෙන් නැවට අදාළ ගෙවීම් කිරීම යටතේ මෙම ඉන්ධන මෙරටට ලබාදීමට නියමිතව ඇත.

දින එකසිය අසූවකට ණය සහන කාලයක් යටතේ මෙම ඉන්ධන මෙරටට ලබා ගැනීමට නියමිතය.

මීට අමතරව බොරතෙල් බැරල් ලක්ෂ හතක් දින දෙසීයක ණය පදනම මත මෙරටට ගැනීමට නියමිතව අතැයි ද එම බොරතෙල් සඳහා ගෙවීම් කිරීමේදී සියයට පනහක මුදලක් රුපියල්වලින් ගෙවීමටත්, ඉතිරි සියයට පනහක මුදල ඩොලර්වලින් ගෙවීමටත් නියමිතය.

කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව මෙම බොරතෙල් මිලදී ගැනීමට යන බවත් රුපියල් ශතවලින් ගෙවීම් කරන්නේ ලංකාවේ ප‍්‍රබල ව්‍යාපාරිකයකුගේ කළු සල්ලි සුදු කර ගැනීමට දැයි බරපතළ සැක මතු වී ඇති බවත් සමගි ජනබලවේග ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු හිටපු තෙල් සංස්ථා ජාතික සේවක සංගම් සභාපති ආනන්ද පාලිත මහතා පැවසීය.

එම බොරතෙල් මිලදී ගැනීමේ ගිවිසුම මාස හයකින් පසු වසරකට දිගු කිරීමට නියමිත බව ද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment