‘කානිවල් ෆ‍්‍රීඩම්’ මගී නෞකාවකට රටවල් දෙකකින් තහංචි

307

හවායි දූපතේ මියාමි නගරයෙන් ගමන් ඇරඹූිකානිවල් ෆ‍්‍රීඩම්’ මගී නෞකාවේ මගින් කිහිපදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම නෞකාවට සිය වරායන්ට ඇතුළු වීම තහනම් කිරීමට කැරීබියානු දූපත් දෙකක් විසින් පියවර ගෙන තිබේග

 මියාමි නගරයේ පිහිටි වරායෙන් ඉකුත් දෙසැම්බර් 18 වැනිදා පිටත්ව ගොස් ඇති මෙම මගී නෞකාවේ සිටි සියලූ මගීන් මෙන්ම කාර්ය මණ්ඩලයද කොරෝනා එන්නත්කරණයට ලක්ව සිට ඇතග එහෙත් මගීන් කිහිපදෙනකු ගමන්වාරය ඇතුළතදී කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වී ඇති බව තහවුරු වී තිබීම හේතුවෙන් ඔවුන්ව නෞකාව තුළදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබූ අතර මේ බව සැළ වීමත් සමගම කැරිබියන් දූපත් දෙකක් වන බොනයිර් හා අරුබා දූපත් විසින් මෙම නෞකාවට සිය වරායන්ට ඇතුළු වීම තහනම් කර ඇතග කෙසේ වුවද තවත් කැරිබියන් දූපතක් වන ඩොමිනිකන් ජනරජය සිය වරායට ඇතුළු වීමට නෞකාවට අවසරය ලබා දී තිබේග මෙම නෞකාව ඊයේ :28දාෆ දිනයේ නැවත ගමන ඇරඹූ මියාමි වරාය වෙත පැමිණීමට නියමිතව තිබිණිග

 සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment