කොටස් වෙළෙඳ පොළ කාලය දික් කරයි

88


මෙම මස 15 වැනි බ්‍රහස්පතින්දා සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කිරීමට කොළඹ කොටස් හුවමාරුව තීරණය කර ඇත.
කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොටස් තැරැව්කාර සමාගම්වල උපදෙස් ඇතිව මේ පියවර ගෙන ඇත.
මේ අනුව මෙතෙක් පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැය 2ක කාලයක්ව තිබූ කොටස් වෙළෙඳපොළ නිත්‍ය ගනු දෙනු සැසිය පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා පැය දෙකහමාරක් දක්වා කාලයකට දීර්ඝ වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment