ජාතික රූපවාහිනියට සම්මාන දෙකක්

130

2023 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික රූපවාහිනියට රන් සහ රිදී සම්මාන දෙකක් හිමිවිය.

ඉංජිනේරු අංශය මාධ්‍ය හා ප්‍රචාරක අංශයේ රන් සම්මානයෙන්ද අධ්‍යාපන වැඩසටහන් අංශයේ නැණ මිහිර ව්‍යාපෘතිය සමාජ සත්කාර අංශයේ රිදී සම්මානයෙන්ද ජාතික රූපවාහිනිය පිදුම් ලැබීය.

ඇමෙරිකාව, පෝලන්තය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක් මෙම සම්මාන සඳහා ව්‍යාපෘති ඉදිරිපත් කර තිබුණි.

සම්මාන ප්‍රදානෝත්සවය කොළඹදී පැවැත්වුණි. ජාතික රූපවාහිනියට හිමි රන් සම්මානය නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (ඉංජිනේරු) කපිල දසනායක සහ කාර්මික පරිපාලක (ව්‍යාපෘති කළමනාකරණ) චමිල ජයසුන්දර යන මහත්වරුන් විසින්ද, රිදී සම්මානය අධ්‍යාපන වැඩසටහන් ඒකක ප්‍රධානි දේවිකා කුමාරසිංහ මහත්මිය විසින්ද ලබාගන්නා ලද අයුරු ඡායාරූපවල දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment