ඩයලොග් ටෙලිවිෂන් වෙතින් ICC ක්‍රිකට් ලෝක කුසලාන සම්පූර්ණ තරගාවලියම HD දසුනින් නැරඹීමට විශේෂ චැනල් පැකේජයක්

135

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Pay-TV සේවා සම්පාදකයා වන ඩයලොග් ටෙලිවිෂන් ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සම්පූර්ණ තරගාවලියම මෙරට ක්‍රිකට් ලෝලීන්ට සජීවීව නැරඹීමේ පහසුව සලසමින්, තරගාවලියේ සෑම නිමේෂයක්ම ඔවුන් වෙත ගෙන එන සුවිශේෂී චැනල් පැකේජයක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

චැනල් පහකින් සමන්විත මෙම සුවිශේෂී පැකේජය රු. 350/- ක් සහ බදු වැනි සුළු මුදලකට සක්‍රීය කර ගත හැකිය. දින 50 ක් සඳහා වලංගු මෙම ක්‍රිකට් ලෝක කුසලාන චැනල් පැකේජයෙන් Star Sports 1″ Star Sports 2″ Star Sports 1 HD” Star Sports Select HD 1, සහ Star Sports Select HD 2 ඇතුළු නාලිකා ඔස්සේ ලෝක කුසලාන තරගාවලිය අසමසම අත්දැකීමක් ලෙසින් ඔබේ ආලින්දයට ගෙන ඒමට සමත් වේ. ඩයලොග් ටෙලිවිෂන් පාරිභෝගිකයින්ට My Dialog App එක හරහා මෙම විශේෂ පැකේජය සක්‍රීය කළ හැකිය. එමෙන්ම, “On ළහිස්තැනක්ඝ ඩයලොග් ටෙලිවිෂන් සම්බන්ධතා අංකය ළහිස්තැනක්ඝ 2023 යොදා 0770 679 679 අංකයට SMS කිරීමෙන්ද පැකේජය සක්‍රීය කිරීමේ හැකියාව පවතී. මෙම පැකේජය සක්‍රීය කිරීමෙන් පසුව, ඩයලොග් ටෙලිවිෂන් පාරිභෝගිකයින්ට කිසිදු ඩේටා හෝ Subscription ගාස්තුවකින් තොරව Dialog ViU App හරහා ඔවුන්ගේ ජංගම දුරකථනයෙන් ද තරගාවලිය නැරඹීමේ හැකියාව හිමිවේ. Dialog ViU Hub හෝ ViU Mini ඔස්සේ තරගාවලිය නැරඹීමට එක්වන ක්‍රිකට් ලෝලීන්ට තරග විකාශයෙන් පැය 72 ක් ඇතුළත catch up කර නැරඹීමේ පහසුවද ඩයලොග් ටෙලිවිෂන් සලසා තිබේ.

2023 ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින අපගේ ක්‍රීඩකයන් දිරිගන්වන්නට එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඩයලොග් ටෙලිවිෂන් ආරාධනා කරයි.

My Dialog App ඔස්සේ සක්‍රිය කිරීම සඳහා – – https://md.dialog.lk/KLz8 වෙත යොමු වන්න.

advertistmentadvertistment
advertistmentadvertistment