තිලීපන් සමරුවේදී සංවිධායකයෝ ගැටෙති

310

කොටි නායකයකුව සිට මියගිය තිලීපන් සමරා යාපනය නල්ලූර්හි තිලීපන් සමරු ක්‍රීඩාංගණය අසල ඊයේ (26 වැනිදා) පෙරවරුවේ පැවති අවසන් සමරු උත්සවයේදී එය සංවිධානය කළ පිරිස් අතර ගැටුමක් ඇතිවී තිබේ.

දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ සහ යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්ගේ ආධාරකරුවන් පිරිසක් අතර මෙම ගැටුම ඇතිවූ බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රය සඳහන් කරයි.

උපවාසයක යෙදී සිටියදී මියගිය ම්ලේච්ඡ කොටි නායකයකුව සිටි තිලීපන් සැමරුම සඳහා කොටි හිතවාදී විදේශගත දෙමළ ඩයස්පෝරාව විශාල මුදලක් එවන අතර එම මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම ගැටුම ඇතිවන්නට ඇතැයි යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රය කියයි. තිලීපන් සමරුව ඉකුත් 15 වැනිදා ආරම්භ වූ අතර එහි අවසන් දිනය ඊයේට යෙදී තිබිණි.

එය සංවිධානය කිරීම සඳහා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ සහ යාපනය නගරාධිපතිවරයාගේ කණ්ඩායම් දෙකක් සංවිධායකයන් ලෙස කටයුතු කර ඇතැයි සඳහන් වේ.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment