ති‍්‍රරෝද රථ ගාස්තුත් නගී

162

සිපෙට්කෝ ඉන්ධන මිල වැඩිවීමත් සමග පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 70 ක්ද, දෙවැනි කිලෝ මීටරය සඳහා රුපියල් 55 වශයෙන් අද (14 දා* සිට මුදල් අය කරන බව ලංකා ස්වයං රැුකියා වෘත්තිකයන්ගේ ජාතික ති‍්‍රරෝද රථ සම්මේලනයේ සභාපති මහින්ද කුමාර මහතා ‘දිවයින’ට පැවසීය.

ඉන්ධන මිල වැඩිවීමත් සමග පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 90 ක්ද, දෙවැනි කිලෝ මීටරය සඳහා රුපියල් 55 ක්ද ආදී වශයෙන් ගාස්තුව වැඩි කිරීමට තීරණය කළද පසුව එය හකුලා ගත් බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ලංකා ස්වයං රැුකියා වෘත්තිකයන්ගේ ජාතික ති‍්‍රරෝද රථ සම්මේලනයේ සභාපතිවරයා මෙසේද කීය.

මේ විදිහට ඉන්ධන මිල ඉහළ නැඟීම අපිට දරාගන්න බැහැ. මේ වැඩි කිරීමත් එක්ක ලංකාවේ ති‍්‍රරෝද රථ වෘත්තිකයන් ලක්‍ෂ 9 ක් අනාථයි. ඒ වගේම ඔවුන්ගෙන් යැපෙන ලක්‍ෂ 30 ක පිරිසක් අද අන්ත අසරණයි. ති‍්‍රවිල් අමතර කොටස් මිල ගණන් එකකට එකක් වැඩියි. ටයර් මිල ගණන්. ති‍්‍රවිල් එක අලූත්වැඩියා කරන්න ගියාම තරු විසි වෙනවා. ඉන්ධන ගාස්තු වැඩි කළාම හයර් ගාස්තුව වැඩිකරන්න වෙනවා. මෙහෙම වැඩි කරන්න වුණාම ති‍්‍රවිල් එකේ යන ම`ගී ජනතාව තව තවත් අඩුවෙන එකයි වෙන්නේ. මේ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ති‍්‍රවිල් රථ රියැදුරන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්න කියලයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment