නයිජීරියානු නව ජනපති ආර්ථික අපරාධ සිදුකළ මහ බැංකු ප්‍රධානියා අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි

262

ආර්ථික අපරාධ සිදු කිරීමේ චෝදනා මත නයිජීරියාවේ මහ බැංකු ප්‍රධානියා වූ ගොඩ්වින් එම්ලේ එරට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නව නයිජීරියානු ජනපති බෝලා මිනුබාටෝගේ නියෝග මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මහ බැංකු අධිපතිගේ පාලනය යටතේ නයිජීරියාවේ ආර්ථික උද්ධමනය ඉහළ ගොස් තිබේ. ගොඩ්වින් එම්ලේ පත් කරන ලද්දේ හිටපු ජනපති බුගරෙ විසිනි. මහ බැංකු ප්‍රධානියා ත්‍රස්තවාදීන්ට උපකාර කළ බවටද චෝදනා එල්ල වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment