පාසල් මුරකුටියේදී සිසුවකු අපයෝජනය කළ කොබෙයිගනේ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට

1308

– සැකකරුට එරෙහිව තවත් ළමා අපචාර නඩු දෙකක් දැනටමත් විභාග වෙනවාලු

පාසලේ මුරකුටියේදී 14 වියැති පාසල් සිසුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් මුරකරුවෙකු මෙම මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහව මහෙස්ත‍්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මහව තලාව අධ්‍යාපනය කාර්යාලයට අයත් ජාතික පාසලක දැනට මුරකරුවෙකු ලෙස සේවය කරන  කොබෙයිගනේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වේ.

අදාළ සැකකරු මුර සේවයේ යෙදී සිටියදී එම පාසලේම අධ්‍යාපනය ලබන වයස අවුරුදු දාහතර වියැති සිසුවෙකු මුරකුටිය තුළදී අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමක් මත පසුගිය -06 වැනිදා මහව පොලිස් අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුව සිදුකළ පරීක්ෂණ අනුව මහව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. පී. එම්. හේරත් මහතා අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ළමා අපයෝජන සම්බන්ධයෙන් මොහුට එරෙහිව කොබෙයිගනේ පොලිසිය විසින් කුරුණෑගල පළාත් මහාධිකරණයේ නඩු දෙකක් පවරා එම නඩු දෙක දැනට විභාග වෙමින් පවතින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර කුරුණෑගල
 

advertistmentadvertistment
advertistmentadvertistment