පිළියන්දල එස්ඕඑස් ළමා ගම්මානය වසයි – දරුවන්ට සහ කාර්ය මණ්ඩලයට කොරෝනා

417

පිළියන්දල එස් ඕ එස් ළමා ගම්මානයේ දරුවන්ට මෙන්ම එහි කාර්ය මණ්ඩලයට ද කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් මේ වනවිට එම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමා ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

එම ආසාදිත පිරිස අතර එහි අධ්‍යක්ෂවරයා සහ සහකාර අධ්‍යක්ෂකවරයා ද වෙති. ආසාදිත අනෙකුත් පිරිස අතර කාර්ය මණ්ඩලයේ හා වයස අවුරුදු 16ට වැඩි තරුණයන් සහ වයස අවුරුදු 17 ට වැඩි නිවාසවල රැඳී සිටින තරුණියන් 54 ක් වන බව එම කාර්යාලය කියයි.

මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම බාහිරව සිට පැමිණෙන සියලූම දරුවන්ගේ ඇතුළුවීම් ද තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

කැස්බෑව ජයසිංහ සහ මහරගම එස්.ඞී. අබේසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment