බ‍්‍රසීලයේ නගරයක නායයෑම් හා ජල ගැලීම්වලින් 94 ක් මියයති

210

අධික වර්ෂාව හේතුවෙන් හටගත් නායයෑම් හා ජල ගැලීම්වලින් බ‍්‍රසීලයේ ‘‘පෙට්‍රෝපොලිස්’’ නගරයේ වැසියන් 94 ක් පමණ දෙනා මියගොස් තිබේ. බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ උතුරින් පිහිටි කඳු ආශ‍්‍රිත නගරයක් වන ‘‘පෙට්‍රෝපොලිස්’’ නගරයට ඉකුත් දිනවල තද වැසි ඇද හැලී ඇති අතර ඒ හේතුවෙන් හටගත් ජලගැලීම්වලින් නිවාස රැසක් විනාශ වී ගොස් මහාමාර්ගවල තිබූ වාහන රැසක් ගසා ගෙන ගොස් තිබේ.

නායයෑම් හේතුවෙන් මඩ තට්ටුවලට යට වී සිටින පුද්ගලයන් සොයා බ‍්‍රසීල බලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර ඊයේ (17 දා* වන විට එසේ මඩ තට්ටුවලට යට වී සිටි 24 දෙනකු බේරා ගැනීමට ඔවුනට හැකි වී තිබිණි. ඊයේ වන විට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 35 දෙනකු අතුරුදන් වී තිබිණි. රියෝ ද ජැනෙයිරෝ නගරයේ ආණ්ඩුකාර ක්ලෝඩියෝ කස්ත්‍රෝ පවසා ඇත්තේ පවතින අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නගරය තුළ යුද්ධයක් පවතින වටපිටාවක් නිර්මාණය වී ඇති බවයි. ජලගැලීම්වලට හසුව ගසා ගෙන ගිය මෝටර් රථ කණුවල එල්ලී තිබෙන අයුරුත්, පෙරළුණු වාහන හා මඩ තට්ටු හා ජලයෙන් යටවී ඇති මහාමාර්ග මෙම දිනවල නගරයේ දක්නට ලැබෙන පොදු දසුනක් ආණ්ඩුකාර කස්ත්‍රෝ පවසා තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment