මට ඇත්තේ දුකක් තරහක්… ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෛද්‍ය කමිටු සභාපති

1127

අකිත පෙරේරා සහ ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යැවීම සඳහා රුපියල් මිලියන 69 ක් වියදම් කර ඇති අතර සෞඛ්‍යාරක්‍ෂාව පිළිබඳව සිතා ඔවුන් වෙනම විශේෂ ගුවන්යානයක පිටත්කර යැවූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෛද්‍ය කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
 
 ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සියලූ දෙනාටම කොවිඞ් මර්දන එන්නත් ලබාදී අනුගමනය කළ යුතු සංචරණ සීමා පිළිබඳවද පැහැදිලිව උපදෙස් ලබාදී තිබියදී ඔවුන් ජෛව බුබුලෙන් පිට පැන කටයුතු කිරීම ගැනද තමාට දුකක් සහ තරහක් තිබෙන බව හෙතෙම රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙමින් පැවසීය.
 
 ඔවුනට එරටදී ව්‍යායාම සඳහා ඇවිදීමට නිශ්චිත ස්ථානයක් වෙන් කර නගර මධ්‍යයට යෑමට අවසර නොදී තිබියදී ක‍්‍රීඩකයන් තිදෙනකු මෙසේ හැසිරීම අනුමත කළ නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment