කෝටි ගණනක් වංචා කළැයි යාපනයේ විදුහල්පතිවරුන් දෙදෙනකු ගැන පරීක්‍ෂණ

208

යාපනයේ ප්‍රසිද්ධ පාසල් දෙකක විදුහල්පතිවරුන් දෙදෙනකු විසින් සිදු කොට ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

යාපනයේ කොකුවිල් හින්දු විද්‍යාලයේ විදුහල්පතිවරයා පාසලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී හා පාසලට ලැබුණු ආධාරවලින් විශාල මුදලක් උපයාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් මත ඔහුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. යාපනයේ ඌර්කාවතුරෙයි විදුහලේ විදුහල්පතිවරයා ද එම විද්‍යාලයේ අලංකරණ කටයුතු හා පරිසර ව්‍යාපෘතියක් සැකසීම සඳහා විදේශ රටවල සිටින පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් ලබා ගෙන එම මුදල් සිය ගිණුම්වල තැන්පත් කරගෙන ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පාසල් දෙකේම පාසල් සංවර්ධන සමිතිවල නිලධාරීන් කළ සොයා බැලීමේදී පාසලට මුදල් ලබා දුන් විශාල පිරිසක් සොයා ගැනීමට හැකි වී ඇති නමුත් ඔවුන් පරිත්‍යාග කළ මුදල් කිසිම ලේඛනයක සඳහන් වී නොතිබීම නිසා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කිරීමෙන් පසු මෙම පරීක්ෂණ ආරම්භ වී තිබේ.

මෙම විදුහල්පතිවරුන් දෙදෙනාට එරෙහි පරීක්ෂණ අවසන් වන තුරු ඔවුන් යාපනය කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කොට තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment