ලෝක තෙල් මිල පහළට

439

ලෝක බොරතෙල් මිල  ගණන් නැවතත් වාර්තා ගත ලෙස අඩු වී තිබේ.

මේ අනුව ඊයේ (16 දා) වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 කට වඩා අඩු අගයකට පහළ බැස ඇත.

ඊයේ උදේ වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලක මිල ඇමෙරිකානු ඩොලර් 98 ක් පමණ දක්වා අඩු වූ අතර එය සවස් වනවිට යළි ඇමෙරිකානු ඩොලර් 101 කට පමණ ඉහළ ගොස් තිබිණි.

පසුගිය දිනවල රුසියාව සහ යුක්රේනය අතර පැවැති සටන්විරාම සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස සහ චීනයේ යළි කොවිඞ් ව්‍යාප්තිය වැඩිවීම නිසා චීනයේ බොරතෙල් ඉල්ලූම අඩුවීම නිසා මෙසේ ලෝක බොරතෙල් මිල ගණන් අඩුවී ඇතැයි වාර්තා වේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පසුගිය දිනවල වාර්තා ගත ලෙස ඉහළයෑම තාවකාලික තත්ත්වයක් නම් ඒ අනුව ඉදිරියේදී සිදුවන බොරතෙල් මිල ගණන් අඩුවීම අනුව දේශීය තෙල් මිල ගණන් නැවත අඩුකිරීමට රජය පියවර ගත යුතු බව ද ආර්ථික සහ මූල්‍ය අංශ නියෝජිතයෝ පවසති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment