DFCC බැංකුව තරුණ පරපුරේ ඉංග්‍රීසි අධ්‍යාපනය සහ වෘත්තීමය ජීවිතයට වැඩසටහන අඛණ්ඩව ඉදිරියටම

36

DFCC බැංකුව රටේ තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ වෘත්තීමය ජීවිතයට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් වසර කීපයකට පෙර ආරම්භ කළ දීපව්‍යාප්ත ප්‍රජා සත්කාර වැඩසටහනක් වනිසැමට ඉංග්‍රීසි වැඩසටහන අඛණ්ඩව 5 වන වරටත් ක්‍රියාත්මක කර තිබේ. ප්‍රධාන අංශ 6 ක් යටතේ DFCC බැංකුවේ ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, සැමට ඉංග්‍රීසි’ යනු ඒ අතරින් අධ්‍යාපන’ අංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනකි.

මෙම වසරේ සැමට ඉංග්‍රීසි’ වැඩසටහන යටතේ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ තරුණියන් පිරිසකට තම ඉංග්‍රීසි භාෂා හා ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරගැනීමට අවස්ථාව හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment