අනුරාධපුරයේදී අගමැතිට විරෝධතා

1142


අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට අද පෙරවරුවේ ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පිරිසකගේ විරෝධයක් එල්ල විය.

ශ්‍රී මහා බෝධිය අසලදී අගමැතිවරයාට පිරිසක් විරෝධය දැක්වූහ. අනතුරු රුවන්වැලි සෑය වන්දනා කිරීමට ගිය අවස්ථාවේ එම ස්ථානයට ආ අනුරාධපුර නගරයේ අඛණ්ඩව විරෝධතාවයක නිරතව සිටින පිරිසක් රුවන්වැලි සෑය අභියසදී විරෝධයක් දැක්වූහ.

මිරිසවැටියට ගිය මහින්ද රාජපක්ෂ මහතාට යළි විරොධයක් එල්ල විය. එම අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් අගමැතිවරයා එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටත් කර යැවීමට පියවර ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment