ආසු නරඹා ලැබුණු ඉහළ ප‍්‍රතිචාර

208

පළමු වතාවට සිනමාපටයක් නරඹා එහි සාර්ථක අසාර්ථක බව පිළිබඳ එම පේ‍්‍රක්ෂකයින් යොදාගෙන කළ මත විමසුමකදී සංජීව පුෂ්පකුමාරගේ ආසු සිනමාපටය ඉතා සාර්ථක සිනමාපටයක් බව ප‍්‍රකාශ කරමින් සියයට 63 පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබී ඇත.

ජාතික චිත‍්‍රපට සංස්ථාව විසින් මෙම මත විමසුම සිදුකර තිබෙන්නෙ ආසු සිනමාපටය නැරඹූ පේ‍්‍රක්ෂකයන් අතට පත‍්‍රිකාවක් ලබා දී ඔවුන්ගේ ප‍්‍රතිචාර සහිත පත‍්‍රිකාව මුද්‍රා තබන ලද පෙට්ටියකට එකතු කරගැනීමෙන් අනතුරුව එහි සටහන්ව පැවති ප‍්‍රතිචාරය ගණනය කිරීමෙනි.

ඒ අනුව ආසු සිනමාපටය ඉතා හොඳ බව 63% ක්ද හොඳ තත්ත්වයේ බව 25% ක්ද සාමාන්‍ය බව 10% ක්ද දුර්වල බව 0.98% ක්ද ප‍්‍රකාශ කර ඇත. සංජීව පුෂ්පකුමාරගේ ඉල්ලීම මත ජාතික චිත‍්‍රපට සංස්ථාව මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment