කොරෝනාවෙන් රස්සාව නැති වූ නිසා දුව මන්ත‍්‍රීගේ ගෙදර වැඩට ගියා.. මගේ දුවට මේ ඉරණම අත්වූයේ දුප්පත්කම නිසයි… මියගිය දැරියගේ මව

1419

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාරියව සිටියදී සැක සහිත ලෙස මරණයට පත්වූ 16 හැවිරිදි දැරියගේ ඛේදජනක මරණය සම්බන්ධව විධිමත් හා කඩිනම් පරීක්‍ෂණයක් පවත්වා වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව මහනුවර මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ නන්දන මනතුංග පියතුමා පැවසීය.



  සිරිල් විමලසුරේන්ද්‍ර
 
 daraiya222පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාරියව සිටියදී සැක සහිත ලෙස මරණයට පත්වූ 16 හැවිරිදි දැරියගේ ඛේදජනක මරණය සම්බන්ධව විධිමත් හා කඩිනම් පරීක්‍ෂණයක් පවත්වා වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව මහනුවර මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ නන්දන මනතුංග පියතුමා පැවසීය.
 
 ශ‍්‍රී ලංකාවේ වතුකරයේ අසරණ කම්කරු පවුල්වල දරු දැරියන් මෙවන් සාහසික අවස්ථාවලට බොහෝ අවස්ථාවලදී මුහුණ පාන බවද නන්දන මනතුංග පියතුමා පැවසීය.
 
 සැක කටයුතු ලෙස මන්ත‍්‍රීවරයාගේ නිවස තුළදී ඇති වූ බව කියන ගින්නකින් ජීවිතක්‍ෂයට පත්වු බව කියන ජූඞ් කුමාර් ඉෂාලිනී දැරියගේ මව සහ පියා විසින් කරන ලද ශෝචනීය පුවතට සවන් දීමෙන් පසු නන්දන මනතුංග පියතුමා මෙම අදහස් පළ කළේය.
 
 තවදුරටත් අදහස් දැක් වූ නන්දන මනතුංග පියතුමා මෙසේද පැවසීය. වතුකරයේ බාල වයස්කාර දරු දැරියන් සහ තරුණියන් මෙවන් ශෝචනීය ඉරණමට පත්වීම සම්බන්ධයෙන් වතුකරයේ කම්කරු ජනතාව නියෝජනය කරන දේශපාලනඥයන්ද වගකිව යුතුයි. ජීවිතක්‍ෂයට පත් වූ දැරියගේ දෙමාපියන් තම දියණියගේ මරණය සම්බන්ධයෙන් සැක පහළ කරනවා. එම නිසා අදාළ අංශ විධිමත් ලෙස පරීක්‍ෂණයක් පවත්වා වගකිව යුතු පාර්ශවයන්ට විරුද්ධව දැඩිව පියවර ගත යුතුයි. මේ වන විට අපට විශ්වාසයක් පවතින්නේ මේ රටේ අධිකරණය කෙරෙහි පමණකි.
 
 නිෂාලිනි දැරියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සත්‍යය හා ඒ පිළිබඳව යුක්තිය හා සාධාරණත්වය ඉටුවන තුරු මානව හිමිකම් කේන්ද්‍රය ඉතා අවධානයෙන් බලා සිටිනවා.
 
 මිය ගිය දැරියගේ මව ඩයගම රාජමානික්කම් රංජනී මහත්මිය මගේ දුවට මේ ඉරණම ඇත්වුනේ අපේ දුප්පත්කම නිසයි. දුප්පත්කම නිසා මන්ත‍්‍රීවරයාගේ නිවසේ සේවය කරන්නට යෑමට මගේ දුවට සිදුවුණා. දිවිනසා ගැනීමට මගේ දුවට කිසිම හේතුවක් තිබුණේ නැහැ.
 
 කොවිඞ් නිසා අපි ඉතා අසරණ තත්ත්වයකට පත්වුණා. ඒ නිසා මගේ දුවට බදුර්දින් මන්ත‍්‍රීගේ නිවසට වැඩකාරකමට යන්ට සිදුවුණා. මගේ දුවට අත් වූ ඉරණම වෙන කිසිම දුවෙකුට සිදු නොවේවා කියා මම ප‍්‍රාර්ථනා කරනවා.
 
 මිය ගිය දැරියගේ පියා ඩයගම ජෙයරාජ් ජූඞ් කුමාර් මහතා කොවිඞ් නිසා මට රක්‍ෂාව කරගෙන ඉන්නට බැරිවුණා. මම මීගමුවේ වැඩකරමින් සිටියේ. රැුකියාව කරන්ට බැරිවුණු නිසා ගෙදරට පැමිණියා. පවුලට ආදායමක් ගෙනෙන්නට මගේ දුව රිෂාඞ් බදුර්දින් මන්ත‍්‍රීගේ නිවසට ගියා. ඒ තැරැුව්කාරයකුගේ මාර්ගයෙන්. අසරණ අපේ දුව ගිනි තබා ගත්තා කියන එක හිතන්ට බැහැ. මගේ දුවට සිදු වූ දේ තවත් අයෙකුට සිදුවන්ට එපා කියා ප‍්‍රාර්ථනා කරනවා. තම දියණියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස හෙතෙම ඉල්ලීමක්ද කළේය.
 
 වතුකරයේ ජනතාවගේ ආර්ථිකය දියුණු කර ගැනීම සඳහා කර්මාන්ත ශාලා නිර්මාණය කර තරුණ තරුණියන්ට රැුකී රක්‍ෂා සැපයීමට දේශපාලකයන්ගේ අවධානය යොමු විය යුතු බවද හෙතෙම පැවසීය.
 
 ඩයගම මීසම භාර ඩිලාන් පෙරේරා පියතුමාද නීතිඥ සුරේන් පෙරේරා, සහ නීතිඥ සුරංගිකා රණවීර යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment