ජපානය සහ තුර්කියෙන් භූ කම්පන වාර්තාවේ

156

ජපානයේ සහ තුර්කියේ ඉකුත් 25 වැනිදා භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ සිදුවූ භූ කම්පන අගය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන්ව ඇත.

තුර්කියේ මධ්‍යම ඇනටෝලියා හි නිග්දා ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 5.3 ක් වන භූ කම්පනයක් සිදුව ඇත.

50,000 කට වැඩි පිරිසකට ජීවිත අහිමි කරමින් හට ගත් ප්‍රබල භූ කම්පනයෙන් සති දෙකකට පසු මෙම භූ කම්පනය වාර්තා වූ බව තුර්කියේ එරට භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දී තිබේ.

මෙම භූ කම්පනය කිලෝ මීටර් 7 ක් එනම් සැතපුම් 4.34ක ගැඹුරින් භූමි අභ්‍යන්තරයේ හටගෙන ඇති බව වාර්තා වේ.

තුර්කි ආපදා කළමනාකරණ ආයතනය පවසා ඇත්තේ මෙම භූ කම්පනයෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment