ජාතික ටෙනිස් ශූරයා අශේන් – ශූරිය රුක්ෂිකා

119

මෙවර ජාතික ශූරතා ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට අශේන් සිල්වා සමත් වන අතර වාරයේ රුක්ෂිකා විජේසූරිය කාන්තා කේවල ශූරතාව තහවුරු කර ගැනීමට සමත් වූවාය.

ශාමල් දිසානායක අනු ශූරයා බවට පත් කරමින් ලකුණු 06 – 04 ක් සහ 06 – 04 ක් ලෙස වට 02 – 00 ක ජයග්‍රහණයක් තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට අශේන් සිල්වා මෙවර අවසාන තරගයේදී සමත් විය.

පසුගිය ශූරිය වූ අංජලිකා කුරේරා විසින් එල්ල කරන ලද ප්‍රබල අභියෝගයට අසීරුවෙන් මුහුණ දෙමින් මෙවර කේවල ශූරතාව දිනා ගැනීමට රුක්ෂිකා විජේසූරියට හැකියාව ලැබිණ.

තියුණු මුහුණුවරකට අනුවර්තනය වූ මෙම අවසාන තරගයේදී ලකුණු 06 – 01, 06 – 07 සහ 06 – 03 ක් ලෙස වට 02 – 01 ක් ලෙස පරාජයේ අමිහිර අත්විඳින්නට අංජලිකා කුරේරාට සිදුවිණි.

මෙවර තරගාවලිය කොළඹ පිහිටි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
ඡායාරූපය – කමල් වන්නිආරචචි

advertistmentadvertistment
advertistmentadvertistment