ඩොලර් මිලියන 10ක් අල්ලස් ගත් හිටපු මැලේසියා අගමැති නජීබ්ට වසර 12ක සිර දඬුවමක්

244

 මිලියන 46ක  දඩයක් ද නියම කෙරේ

 මැලේසියාවේ හිටපු අගමැති නජීබ් අසාබ් දූෂණ චෝදනාවට වරදකරු යැයි තීරණය කළ ඉහළම අධිකරණය ඔහුට පනවා තිබූ වසර 12ක සිරදඬුවම ස්ථිර කළේය.

 තමා වරදකරු නොවන බවට හිටපු අගමැති කළ ප්‍රකාශය ද අධිකරණය ඉවත දැමීය. හැටනව හැවිරිදි වියේ පසුවූ නජීබ් ඩොලර් මිලියන 10ක අල්ලසක් අය.ි එම්. ඩී. ඩී. බැංකුවෙන් ලබාගැනීම ගැන වරදකරු විය. ඔහුට ඩොලර් මිලියන 46.84ක දඩයක් ද නියම විය. තීන්දුව ප්‍රකාශ වීමට පෙර තමාට නව නීතිවේදී කණ්ඩායමක් හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට මාස 2ක් කල් දෙන ලෙස නජීබ් කළ ඉල්ලීම ද ප්‍රතික්‍ෂේප විය.

advertistmentadvertistment
advertistmentadvertistment