තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ භාවිතා කළ මහා බල ඇති නමස්කාර බුද්ධ මන්ත්‍රය

229

ලොව මවිත කළ කිසිම ජාතියක් සතු නොවූ අනභිභවනීය ප්‍රෞඪ ජාතියක ඉතිහාසයක් ඇති ගුප්ත විද්‍යාවට අයත් ශ්‍රේෂ්ඨ මන්ත්‍ර, තන්ත්‍ර ගුරුකම් අදත් ප්‍රකට වූවකි. මේ යන්ත්‍ර තන්ත්‍ර කෙම් ක්‍රම අද ඉපැරැණි තල්පත්වල ලියා එකට අමුණා හැදූ පුස්කොළ පොත් අපට එදා විසූ සෘෂිවරු දායාද කොට ඇත. මෙම පුස්තක පරම්පරාගත මන්ත්‍රවේදීන් ළඟ, පන්සල්වල, පොත්ගුල්වල, කෞතුකාගාරවල සුරක්ෂිතව ඇත. එහෙත් ඒවායේ වටිනාකම නොදැන, භාවිතයක් නැති නිසා විනාශයට පත්ව යයි. සමහර මන්ත්‍ර පුස්තක විදේශික රටවල්වල කෞතුකාගාරවල බොහොමයක් ඇති අතර ඒවා කියවන්නට ද බැරි නිසා ඒවා ඒ අයුරින්ම තැන්පත් කර ඇත.

මන්ත්‍ර ගුරුකම්, භාරතයේත් ලංකාවේත් පුරාණයේ ප්‍රකට වුවත් වර්තමානයේ එම මන්ත්‍ර උපුටා නවීන අක්ෂර යොදා අච්චු පොත්වලට ඇතුළත් කිරීමෙන් කණපිට පෙරළා ඇති බව පෙනේ. ඒ නිසා ගුප්ත විද්‍යාවට අයත් මන්ත්‍ර හා යන්ත්‍ර තන්ත්‍ර ආදියේ ඉතිහාසය වැළලී ඇති අතර එම මන්ත්‍රවලින් කරන ගුරුකම් බොහොමයක් මිනිසාට ඵලක් වන්නේ ද නැති බව පෙනේ. එයින් මන්ත්‍ර ශාස්ත්‍රය ද පිළිනොගැනීමට හේතුවක් වේ.

මන්ත්‍ර විද්‍යාවට කර්ම අටක් ඇත. ඒවා වශී කර්ම, ආකර්ෂණ කර්ම, මෝහන කර්ම, ස්ථම්භ කර්ම, ශාන්ති කර්ම, විද්වේෂණ කර්ම, උච්චාඨන කර්ම, මාරණ කර්ම වශයෙන් හැඳින්වේ. වශීකර්මය යනු යමකුට වෙනත් අයකුගේ හිත තමාගේ බසට කීකරු කර ගැනීම ද, වසඟකර ගැනීම ද, ආකර්ෂණය යනු තමා මඟහැර සිටින අය, වෙන්වී ගිය අය හෝ, තමා ළඟට නොඑන අය ගෙන්වා ගැනීම වේ. මෝහන කර්මය යනු මෝඩ කිරීම, මුළා කිරීම, රැවටීම, ඇස්බැන්දුම විජ්ජාවන් ද වේ. ස්ථම්භන කර්මය යනු ගමනක් යන අයගේ ගමන වැළැක්වීම, දියුණුව නැවත්වීම, මිනිසාගේ ඉදිරි ගමන අඩාල කිරීම වේ. ශාන්ති කර්ම යනු ලෙඩ රෝග සුවකිරීම, ග්‍රහ අපල දුරුකිරීම, භූත රෝග සුවකිරීම වේ. විද්වේෂණ කර්මය යනු සමගියෙන් සිටින අය අසමගි කිරීම, භේද කිරීම දෙදෙනකු වෙන්කිරීම වේ. උච්චාඨන කර්මය යනු සිටින තැනින් පලවා හැරීම, අණවින, කොඩිවින, හූනියන්, බන්ධන හූනියන් ආපිට පෙරලා කැපීම, භූතයන්, යකුන්, ප්‍රේතයන් පලවා හැරීම වේ. මාරණ කර්මය යනු කෙනකු මැරීමට, වැනසීමට, භූමිපාළු, අංගම්, පිල්ලි, කාලං හා යමකුගේ ජීවිතය විනාශ කිරීම ද වේ.

මෙම කර්මවලට අයත් විවිධ මන්ත්‍ර, දිෂ්ටි, ප්‍රාණ, පලිප්පු, සිද්ධි, පුඨ ආදියෙන් දිෂ්ටි කර අදාළ යන්ත්‍රයන්, තෛල, අඳුන් ආදිය මනාව දන්නා මන්ත්‍රවේදියකු සකස් කරන්නේ ආවාට ගියාට සිතූ සිතූ ලෙස නොවේ. එයින් ශුභඵල ලබාගැනීම සඳහාය.

තවද ඒ ඒ යන්ත්‍ර සැකසීමේදී අදාළ යන්ත්‍ර හුය හදාගැනීම, යන්ත්‍ර කලුමැදීම ඖෂධ අඹරා යන්ත්‍රවල තවරා පණගැන්වීම, යන්ත්‍ර ඇඳීමේ කාල හෝරාව, දින, තිථි, මාස, පුර පක්ෂ, අව පක්ෂ ආදිය ද ජීවම් කිරීම සඳහා අදාළ ස්ථානය කාමරද කර්මයට හිමිවිණි. අධිපති දේවතාවෝ, රාහු කාල, මරු සිටින දිශා, දිශාවට අධිපති දේවතාවෝ, ජපවාර, ගතන් හා මන්ත්‍ර ක්‍රියාකරන පිළිවෙළ ද දත යුතුයි. එමෙන්ම යන්ත්‍රයේ දිග පළල ගැන ශුභ අශුභයන් ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ නොකළහොත් ඒ ගුරුකම්වලින් කිසිම ඵලක් නැත. මේවා හරිහැටි නොදැන කළොත් තම ජිවිතය ද භූතයන් විසින් බිලිගන්නා බව සත්‍යයි. එවැනි බිලිගත් ආධුනිකයන් අප ගම් ප්‍රදේශයෙහි ද වේ.

එවැනි බැරෑරුම් කාර්යයක යෙදී හරිහැටි සැකසූ යන්ත්‍රයක් හෝ යක්ෂ, භූත, ප්‍රේත කොටස් පලවා කොඩිවින කපා ඉවත්කළ නිවස, භූමිය, වතුපිටි ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔහු සතුයි. ඕනෑම යන්ත්‍රයක ශුභඵල උදාකර ගැනීමට නම් කිලි, මස්, මාංශ, මළමිනී කරගැසීම් ආදියෙන් වැළකිය යුතුයි. නැතිනම් එම යන්ත්‍රවලට මෙන්ම ස්ථානයට බන්ධන කළ දේවතා කොටස්, ගැලවී ඈත්වේ. ඉන්පසු තමා විසින් වරද කර යන්ත්‍රයේ බලය නැතැයි කියා සමච්චලයට ලක් කරයි.

අපි බෞද්ධ වුවත් බොහෝ අය නොදන්නා මහා බල ඇති බුද්ධ මන්ත්‍රයක් ද ඇත. පස්පවින් තොර අයට කප්රුකක් චූඩාමාණික්‍යයක් වැනිය. අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පළමුව නමෝ කියා නමස්කාර කළේ සාතාගිරි යකාය. නමෝ යනු ඔහුගේ භාෂාවයි. දෙවනුව රාහු අසුරේන්ද්‍රයා ඔහුගේ භාෂාවෙන් ‘තස්ස’ කියාද තෙවනුව සිව්වරම් දෙවිවරු ‘භගවතෝ’ කියා ඔවුන්ගේ භාෂාවෙන් ද, සිව්වැනුව සක්දෙවිඳු ‘අරහතෝ’ කියා ඔහුගේ භාෂාවෙන් ද, පස්වැනුව සහම්පති බ්‍රහ්ම රාජයා ‘සම්මා සම්බුද්ධදස්ස කියා නමස්කාර කළ බැව් ද බෞද්ධ ඉතිහාස ගන්ත්‍රවල ප්‍රකාශිතයි.

එම නමස්කාර මන්ත්‍රය මෙසේය.

“නමෝ සාතාගිරෝ යක්ඛෝ තස්ස

අසරේන්දේන භාෂිතො භගවතෝ චතුරො රාජා අරහතෝ ශක්ඛ දේවතා සම්මා සම්බුද්ධස්ස සහම්පති නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස -ඕං මණි පද්මේ හුම් ශ්‍රී විෂ්ණු දේවාම් නමාමි ඕං මණි පද්මේයිහුම්…”

මෙම ගාථා රත්නය අඟල් 5 ං 5 රිදී හෝ තඹ කොළයක ලියා 1008 වරක් ජපකර නිවසේ බුදුන් වඳින තැන තැන්පත් කරන්න. ගෙල පැළඳීමට හෝ සාක්කුවේ භාවිතා කරන්නේ නම් අඟල් 5 දිග අගල් 2 පළල තඹ පතක ලියා 324 වරක් ජපකර පළඳින්න. මෙය ජප කරන විට පුර පක්ෂයේ බුධ දිනක බුධ හෝරාවෙන් මල් යහනාවක් මත තබා නිසි ලෙස පූජාවන් තබා ජප කරගන්න.

ඔබේ ශරීරයේ සියලු අවයව ආරක්ෂා වෙයි. අණවින කොඩිවින හදි හූනියම්වල බල බිඳී යයි. ශරීරයට බැල්මලා ඇති අමනුෂ්‍ය දෝෂ පහව ශරීර සුවය ලැබේ. සතුරු බල බිඳේ. උදේ පිණිදිය පිරවූ කුප්පියක් තුළට නෙළුම් රේණු දමා යන්ත්‍රයක් ලෙස තඹ පතේ ලියා ජපකර නිවස 4 කොන එල්ලන්න. වින බන්ධන නොවදී. ආරක්ෂාවයි. ඉණ බැන්දොත් කැවී ඇති විෂ ඉනා බන්ධන දැවී බල බිඳේ. උතුමන්, ප්‍රභූවරුන් දැකීමට යහපත් වේ. ශුඵපල දේ. මෙය භාවිතා කරන අයට සෞභාග්‍යය, දියුණුව ඉක්මනින්ම ලැබේ.

තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ භාවිතා කළ මහා බල ඇති නමස්කාර බුද්ධ මන්ත්‍රය

ජ්‍යොතිෂ්‍ය විද්‍යාජෝති, ගුප්ත විද්‍යාකීර්ති
වාස්තු විද්‍යා උපදේශක,
සාමවිනිසුරු, දේශබන්දු
රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල – 0770730062

advertistmentadvertistment
advertistmentadvertistment