දරුඵල නොමැති ළඳුන්ට පුරාණ බලගතු යන්ත්‍රයක්

132

මෙලොව අදෘශ්‍යමාන භූතාත්ම ජීවී කොට්ඨාශයක් වන දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්‍ෂාව පැතීම බුදුන්වහන්සේ අනුදැන නොවදාළ මිථ්‍යා මතයක් යැයි ඇතැම් ගිහි පැවිදි පිරිස් හෙළා දකින අතර එම ගතානුගතික පිරිස් ඔවුන්ගේ මතය සාධනීය කරන්නේ දෙවියන් විජ්ජාකරුවන්ට සමාන කරමිනි. ‘ඔය දෙවිවරුන්ට පුළුවන්ද ළමයි නැති කාන්තාවන්ට දරුඵල දෙන්න – ශිෂ්‍ය ශිෂ්‍යාවක විභාග වලින් පාස් කරන්න – ලෙඩ හොඳ කරන්න’ යනාදී වශයෙන් අනවබෝධයෙන් යුතුව දේව සංකල්ප විවේචනය කරති. ගරහති.

ඔවුන් ජීවිතය දකින්නේ ඔවුන්ගේ පැතිකඩනි. කවරකුගේ නමුදු දේව විශ්වාසයන්ට ගැරහීම අනුවණයින්ගේ ක්‍රියාවකි. බටහිර වෛi ශාස්ත්‍රයේදී වෙද නලාව තබා රෝග ලක්‍ෂණ අනුසාරයෙන් යම් විනිශ්චයකට පැමිණ ඊට ප්‍රතිකර්ම කරයි. රෝගියාගේ පෙර කුසලාකුසල කර්මයන්ට අනුව රෝගය මර්දනය වී රෝග සුවවීමට හෝ නැතිවීමට පුළුවන. “කොච්චර නම් බෙහෙත් කරාද – හොඳම ස්පෙෂලිස්ට්ලගෙන් බෙහෙත් ගත්තේ – වැඩක් නැහැ – තාමත් එහෙමයි’ යනුවෙන් ඇතැමුන් කියනවා ඔබ අසා ඇත. ඒ වෛiවරුන්ගේ දෝෂයක් නොවේ. ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ රෝගියා සුවපත් කරවීමටයි. රෝගියාගේ පෙර කර්ම දෝෂයක් වේ නම් එය කෙසේවත් යටපත් කළ නොහැකිය. කීමට “මැරෙන්න තියෙන එකා මැරෙනවාමයි’ කියන්නේ ඒකයි. කවරකු රැවැට්ටුවත් මාරයා රැවැටිය නොහැකිය. එබැවින් ලැබූ දුර්ලභ මනුෂ්‍ය ආත්මය නිවැරදිව අර්ථාන්විතව ගෙවන්න. පව් එකතු කර ගනිමින් සංසාර ගමන දික්කර ගන්න එපා. හැකි තරම් වචනයකින් හරි පින් කුසල් රැස් කර ගනිමින් මේ සංසාරයට තිත තියන්න උත්සාහ ගන්න. කිසිවකුටත් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් ගරහන්න විවේචනය කරන්න එපා. රට හදන්න කලින් තමන් හැදෙන්න. එවිට ඉබේටම රට හැදේවි.

විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් ලැබෙන පඩිය පින් පඩියක් නොකරගෙන වැඩ කරන්න පගා ගන්න, අල්ලස් ගන්න එපා. ලැබෙන වැටුපට අමතරව ජනතාවගෙන් අදාළ රාජකාරිය ඉටුකරන්න කිසිවක් ගන්න එපා. ඔවුන් තමයි ඔබේ වැටුපත් ගෙවන්නේ. රජයේ මහජනතාවගේ මුදල් සොයා කනවුන්, අල්ලස් පගා ගන්නවුන් බල්ලන්, කපුටන් වී ඉපදෙන බව පොළොන්නරු යුගයේ නිශ්ශංකමල්ල මහරජු නිශ්ශංකමල්ල සෙල්ලිපියේ දක්වා ඇත්තේ එහෙයිනි. අවිහිංසාව – අවංකබව – පිරිසිදු චරිතය – සත්‍යවාදී බව – යහපත් සංකල්පනා ඇතිකර ගන්න. කාර්යාලයේ – සමාජයේ කාවවත් විවේචනය කරන්න එපා. කේලම් කියන්න එපා. මුලින් තමන්ගෙ වැරදි හඳුනගෙන හැදෙන්න. එවිට රට නිකම්ම හැදේ. ‘හිටියොත් හොඳට හැදී – දෙවියොත් නමට වඳී’ ගී දෙපදයෙන් කියවෙන්නේ එයයි. එවැන්නට දේව පිහිට – ආකර්ෂණය නිරන්තරයෙන් හිමිවේ.

වෙදැදුරන්ට වෙද නලාව මෙන් ජ්‍යොතිෂ – ගුප්ත විiාධාරීන් වන අප ආතුරයින්ට ගුප්ත ප්‍රතිකාර කිරීමට උපයෝගී කරගන්නේ ඔවුන්ගේ ජන්ම කේන්ද්‍ර සටහනයි. එහිදී දොස්තර මහතුන් නාඩි අල්ලා අදාළ දෝෂය හඳුනා ගන්නා මෙන් ජ්‍යොතිෂ – ගුප්ත විiාධාරීන් සූර්යයා ප්‍රධාන සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ – තාරකා අනුසාරයෙන් ආතුරයාගේ දෝෂය විනිශ්චය කර අදාළ ප්‍රතිකර්ම සිදුකරයි. ලෝකයට ජීවී බව ආලෝකය ගෙන එන්නේ හිරු හෙවත් රවි ග්‍රහයාය. ඒකයි හිරු දේවත්වයෙන් සලකා පෙරදිග රටවල හිරු දෙවියන් පිදීම සිද්ධ කරන්නේ. අවුරුදු දහස් ගණනක් පැරණි මෙකී දේව සංකල්පයන්ට ගහරන්නේද පොහොය දිනකටවත් පන්සලකටයන් නැති නාමික සිංහල බෞද්ධයෝමය. හින්දු – මුස්ලිම් – ක්‍රිස්තියානි යන සහෝදර ජනතාව තම ආගම සංස්කෘතිය ඉහළින්ම ගරු කරති.

හැම කෙනාටම විභාග පාස් වෙන්න බැරිය. හැම කෙනාම විවාහ වෙන්නේද නැත. හැම කෙනාම නීරෝගී වන්නේද නැත. කසාද බඳින හැම ස්ත්‍රියකටම දරුඵල පිහිටන්නේ නැත. හැම කෙනාටම තමන් ආදරය කරන කෙනාවම ලැබෙන්නේද නැත. හැම කෙනාටම රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියා ලැබෙන්නේද නැත. හැම කෙනාටම මැණික් භූමි ලාභ ලැබෙන්නේ නැත. ඒ සඳහා තමන්ගේ උත්සාහය, කැපවීම වගේම පෙර පින් හා වාසනා මහිමයක් උත්පත්තියෙන්ම තිබිය යුතුය. අප ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රානුකූලව ජන්ම කේන්ද්‍රයෙන් විශ්ලේෂණය කරන්නේද එයයි. කර්ම, ධර්ම, අර්ථ, මෝක්ෂ කෝණ බලවත් නම් ඉමහත් පිනැත්තියකු වේ. ග්‍රහ සංයෝග, දෘෂ්ඨි, ශත්‍රැ, මිත්‍රතාවලට අමතරව ගරුක, ආචිණ්ණ, කටත්තා වශයෙන්ද විශ්ලේෂණය කරන්නේ පෙර පව් පින්වල බලවත් බව මැනබැලීමටය. මේ භවයේ අප අත්විඳින සෑම දෙයකටම හේතුව පෙර භවයේ අප කළ කී කුසල් අකුසල්ය. බුදුන් වහන්සේද යම් කෙනෙකුට පිහිට වී එකී තත්ත්වයට හේතුව සෙවීමට දිවැසින් පරචිත්ත විඥාණ ආදී තමන් වහන්සේ පුරුදු පුහුණු කරගත් ඥාණ ශක්තීන් අනුසාරයෙන් ඔවුන්ගේ පෙර භවය විමසුවේ එහෙයිනි.

දෙවියන් අපේ පියවි ඇසට නොපෙනෙන නමුත් අඛණ්ඩව ඒ ඒ දෙවි දේවතාවුන් වෙත පුද පූජා පවත්වමින්, කන්නලව් කරමින් පින්පෙත් අනුමෝදන් කරනු ලබන්නේ නම් එම පුද පූජා කැප භාරගනු ලබන එම පුණ්‍ය ශක්ති ඵලයෙන් ප්‍රයෝජන ගැනීමට හැකිවන දේවතා මණ්ඩලය තම තමන් වෙනුවෙන් භක්ත්‍යාදරය දක්වන මනුෂ්‍යයින් වෙත ඇල්ම, බැල්ම හෙළා මෙලොව පරලොව වශයෙන් ශුභ සිද්ධිය ඇති කරයි. මේ ලෝකයෙහි බල පවත්වන මහා පුදුම සහගත විශ්ව ආකර්ෂණ බලයක් තිබේ. මෙකී ආකර්ෂණ ශක්තිය ලබා ඇසට නොපෙනෙන දෙවියන්ගේ දිවැස් කරුණාව ලබා මෙලෝ වශයෙන් පැමිණෙන දුක් පීඩා විපත්ති කරදර බාධක ආදියෙන් යම්තාක් දුරට හෝ මිදීමට හැකිවන්නේය. එකී ආකර්ෂණ ශක්තිය ලබාගන්නා අයුරු පෙර සෘෂිවරුන්, ධ්‍යානලාභීන් පෙන්වා දී ඇත. භාවනා – යන්ත්‍ර – මන්ත්‍ර – තන්ත්‍ර – ක්‍රම ප්‍රගුණ කිරීමෙන් එම ශක්තිය උකහා ගත හැකිය. ඒ සඳහා මානුෂීය ගුණධර්මයන්, භක්තිය, විශ්වාසය, උත්සාහය, කැපවීම, උනන්දුව යන කාරණා පුරුදු පුහුණු කළ යුතුය. ජ්‍යොතිෂ – ගුප්ත විiාවන්හි එම ක්‍රමවේදයන් අන්තර්ගත කර ඇත. එයින් දරුඵල සාධනය සඳහා අත්දුටු බලගතු යන්ත්‍රයක් පාඨක ඔබ වෙත කරුණාවෙන් තිළිණ කරමි.

මෙන්න යන්ත්‍රය

සැ.යු.

යන්ත්‍රයේ මැද අක්ෂර

අපැහැදිලි නම් –

නමඃ
ධං ශුං
නමඃමෙන්න මන්තරය

ඕං ශ්‍රි වා මේ ඕං ගර්භං පුත්‍ර බීජං විශ්වඃ නමඃ
ගුරුභ්‍යොං
මහා මදන කාම දේවී ගණේසාය සුතලං චන්‍දඃ ධාතු ගර්භාඃ
දිෂ්ටි දිෂ්ටි වර වර නමඃ (1008 වරට සිද්ධියි.)

මෙන්න ක්‍රමය

දරුඵල අපේක්‍ෂිත තැනැත්තියගේ ජන්ම කේන්දරයට සීහුම් වන සුබ දිනක සුබ හෝරාවකින් රාහු කාලය මඟ හැර මරු සිටින දිශාවට පිටුපා යන්ත්‍රයේ ප්‍රමාණයට සරිලන තඹ තහඩුවක කොන්ඩු තුනේ පස්ලෝ සුරයක ලාගත හැකිවන පරිදි ස්තාර කරගෙන සුදු හඳුන් කුඩුවලින් කළු මැද ගන්න. යන්ත්‍රය ද්විත්ව රේඛාවලින් ඉරි නොකැපෙන සේ ඇඳ ගතයුතුය. පංචෝපචාර මල් බුලත් තටුවක (ගන්‍ධ, දීප, ධූප, භෝජන, තාම්බූල යනාදිය පංචෝපචාරයයි) යන්ත්‍රය තැන්පත් කොට ජ්‍යොතිෂ ගුප්ත විiානුකූලව සුබ දිනක දිෂ්ටි, ප්‍රාණ පලිප්පු, පුට සිද්ධි කොටගෙන දක්වා ඇති මූල මන්තරයෙන් 1008 වර ජීවම් කොට සුරයකලා ගෙලෙහි හෝ ඉණෙහි පළඳින්න. මෙම කාලය තුළ මස් මාංශ බිත්තර යනාදී පිළී ජාති භෝජනයෙන් වැළකී සිටින්න. දරුඵල සාධනය සඳහා බලගතු මලයාල යන්ත්‍රයකි. ජ්‍යොතිෂය – ගුප්ත විiා මූලික දැනුමැති අයට විශේෂයි. ආධුනිකයන්ට හා ශාස්ත්‍ර අභිවෘද්දිකාමීන්ට ප්‍රවීණ ගුප්ත විiාචාර්යවරයකුගේ මූලික උපදෙස් මත අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි යන්ත්‍රයකි.

ජ්‍යොතිෂ්‍ය ගුප්ත විද්‍යාධර
කොත්මලේ නාරද ඩී. ලියනආරච්චි
38/7, සිංහල පාසල් මාවත, පූඬළුඔය.
දු.ක.0779579206.

advertistmentadvertistment
advertistmentadvertistment