බංගලාදේශයේ කොක්ස් බසාර් අනාථ කඳවුර ගින්නෙන් විනාශ වෙයි

156

බංගලාදේශයේ රොහින්ගයා අනාථයන් වාසය කළ කොක්ස් බසාර් අනාථ කඳවුර විශාල ගින්නකින් විනාශ වී ඇත. එහි තිබූ තාවකාලික නිවාස 2000 ක් දැවීගොස් තිබේ. එසේම මුස්ලිම් පල්ලි 35 ක්ද අධ්‍යාපන ආයතන 21 ක්ද ගින්නෙන් වැනසී ඇත.

12000 කට අධික පිරිසක් අනාථ වී ඇති බව වාර්තාවේ. කොක්ස් බසාර්හි මෙයට පෙරද ගිනි ගැනීම් 222 ක් වාර්තාවූ අතර ඉන් 60 ක ගිනි තැබීම් වේ. මෙම ගින්නෙන් කිසිවකුටත් විපතක් සිදුවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment