මම නිවැරදිකරු-ධනුෂ්ක උසාවියට කියයි–

678

ධනුෂ්ක ගුණතිලක ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා හමුවේ තමා නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති බව ඔහු වෙනුවෙන් නීති සහාය ලබාදෙන නීතිඥ සමාගම නිවේදනය කර ඇත.

සිඩ්නි හි සිට සිය කටයුතු මෙහෙයවන සැන්ස් නීතිඥ සමාගම විසින් මේ නිවේදනය නිකුත්කර තිබේ. ධනුෂ්ක ගුණතිලක තමාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් නිර්දෝෂිභාවය ප්‍රකාශ කරන අතර නඩු

විභාගයේ මුල් අදියර සැලකිල්ලට ගෙන වැඩිදුර කරුණු දැක්වීමට තම සමාගම සුදානම් නැති බවත් එම නිවේදනයේ සඳහන් වේ. ස්ත්‍රී දූෂණ චෝදනාව ඇතුළු චෝදනා හතරක් ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව ඉදිරිපත්ව තිබිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment