ශ්‍රී ලංකාවට දෙන චීන සහාය ගැන ජිනීවා සමුළුවේදී පවසයි

121

චීනය ශ්‍රීලංකාවට බාහිර වශයෙන් පූර්ණ සහාය ලබාදීමට කටයුතු කරන බව ජිනීවා මානවහිමිකම් කවුන්සිලයේ චීන නිත්‍ය තානාපති ෂෙන් සූ මහතා පවසයි.හෙතෙම මේ බැව් පැවසූවේ ජිනීවා මානවහිමිකම් සමුළුවේ 51වැනි සැසිය ඊයේ ආරම්භ වීමත් සමග සමුළුව අමතමිනි.ශ්‍රී ලංකාවේ මානවහිමිකම් රැකීම, දේශපාලන ප්‍රතිසන්ධානය, ත්‍රස්තවාදය වැළැක්වීමට පියවර ගැනීම, සදහා පූර්ණ සහාය ලබාදීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය. එසේම රටේ ජනතාවගේ ස්වාධීනත්වය සහ සර්ව ජන ඡන්ද අයිතිය සුරැකීමට අවශ්‍ය සහාය ලබාදෙන බව ද පැවසීය.එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එල්ලවන බාහිර බලපෑම් සහ අභ්‍යන්තර බලපෑම් සම්බන්ධවද සිය විරෝධය පළ කරන බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment