7 වැනිදා තෙක් වැසි

80

පවතින වැසි තත්ත්වය තවදුරටත් ලබන 7 වැනිදා දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවැසීය.

අද (05 දා) බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත් වලට ද, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලට ද වැසි ඇතිවිය හැකි බව ද හෙතෙම කීය.

ලබන 7 වැනිදායින් පසු වැසි ක්‍රම ක්‍රමයෙන් පහවී ගොස් පසුව අන්තර් මෝසම් වැසි තත්ත්වයට මාරුවිය හැකි බව ද ඒ මහතා කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment