පුංචි ඡන්දය නැත්නම් ජනාධිපතිවරණය නොවැම්බර්යේ

280

පළාත් පාලන මැතිවරණය යම් හේතුවක් මත කල් ගියහොත් මෙම වසර (2023) අවසානයේදී මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට රජයේ අවධානය යොමුවී තිබේ.

එලෙස ජනාධිපතිවරණයක් සඳහා අවස්ථාව උදාවනුයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයකු වන්නේ නම් ඔහුට වසරකට පෙර ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ අවස්ථාව ව්‍යවස්ථාවෙන් සැලසෙන බැවිණි.

මීළඟ පළාත්පාලන මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරනු ලබන පාර්ශ්වය පරාජයට පත් වුවහොත් එය ඊළඟ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට සෘජුව බලපාන බැවින් කෙලෙස හෝ පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වනු ඇතැයි විපක්‍ෂයේ පක්ෂවල අදහස වී ඇත.

මීළඟ ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ 2024 වසරේ නොවැම්බර් මස 17 වැනිදායින් පසුව වුවත් දැනට බලයේ සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයකු වන්නේ නම් ඔහුට 2023 වසරේ නොවැම්බර් මස 17 වැනිදාට පසුව මීළඟ ජනාධිපතිවරණය කැඳවීමේ බලය හිමිවේ. මෙම සුවිශේෂී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂවල ද අවධානය යොමුවී ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment