ඇමැතිගේ වී මෝල කොල්ල කාලා

327

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට අයත් වසර දෙකක කාලයක සිට වසා දමා ඇති වී මෝලක තිබූ රුපියල් ලක්ෂ හයකට වැඩි දේපල සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ ( 22දා) විමර්ශනයක් ආරම්භ කළ බව කැකිරාව පොලීසිය පවසයි.

දැනට වසර දෙකක කාලයක සිට නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති මෙම වී මෝල සහිත භූමියේ ආරක්ෂාව සඳහා මුරකරුවන් තිදෙනෙකු සේවයේ යොදවා ඇති බවද පොලිසිය කියයි.

ලද දුරකථන ඇමතුමක් පසු පැමිණිලිකාරිය එම ස්ථානයට ගොස් බැලීමේදී රුපියල් 73000ක් වටිනා වතුර ෆිල්ටරයක්, 100000ක් පමණ වටිනා සෝපා සැටියක්, 60000ක් වටිනා නාන කාමරයේ වතුර උණුසුම් කරන යන්ත්‍රයක්, 200000ක්, පමණ වටිනා වායු සමීකරණ යන්ත්‍ර දෙකක් සොරකම් කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment