ඉන්දු ශ‍්‍රී ලංකා ‘මිත‍්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් දින පුහුණුව

154

ඉන්දු ශ‍්‍රී ලංකා ‘මිත‍්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් දින පුහුණු අභ්‍යාසය ඊයේ (15 දා) පොලොන්නරුව, මාදුරුඔය පිහිටි යුද හමුදා පුහුණු පාසලේ වෙඩි පිටියේදී පවත්වනු ලැබීය.

මෙම පුහුණු අභ්‍යාසය නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ

ආරාධනයකට අනුව ඉන්දීය යුද හමුදා ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා සහභාගීවූ අතර ඉන්දීය යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එයට එක්ව සිටියහ.

එහිදී යුද හමුදාපතිවරයා අතින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වනු ලැබීය.

ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ යුද හමුදා භට පිරිස් 240 කගේ සහභාගීත්වයෙන් මෙම මිත‍්‍ර ශක්ති යුද අභ්‍යාසය පවත්වනු ලබයි. ඉන්දීය යුද හමුදා භට පිරිස් සඳහා මෙම අභ්‍යාසයේ නායකත්වය දෙනු ලබන්නේ කර්නල් ප‍්‍රකාශ් කුමාර් විසිනි.

ශ‍්‍රී ලංකා පාබල පුහුණු රෙජිමේන්තුවේ මේජර් මහේෂ් පතිරාජ ශ‍්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සඳහා නායකත්වය සපයනු ලබයි.

ඉන්දු ශ‍්‍රී ලංකා මිත‍්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරනු ලබන්නේ 53වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසිනි.

කරුණාරත්න ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment