‘දිවයින’ පුවතින් පසු පුරාවිද්‍යා නිලධාරීහු ඇල්දෙනියට යති

97

“වහළය කැඩී යෑමෙන් ඇල්දෙනිය පුරාණ මහා විහාරයේ බිතු සිතුවම් මකර කටේ” යන සිරස්තලය යටතේ ඉකුත් මස 24 දා “දිවයින” පුවත්පතේ පළවූ වාර්තාවට අනුව ඒ පිළිබඳව සොයා බැලීමට දකුණු පළාත් පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් බෙලිඅත්ත ගැටමාන්න ඇල්දෙනිය පුරාණ මහා විහාරස්ථානයට පැමිණි බව එහි විහාරාධිපති දේවාලේගම ඉන්දවිමල හිමියෝ කියා සිටියහ.

වසර 200කට ආසන්න පෞරාණික උරුමයක් ඇති මෙම විහාරස්ථානයේ එකල අංගසම්පූර්ණව ඉදිකර ඇති විහාර මන්දිරය තුළ වහළ අබලන් වීම මත මහනුවර යුගයට අයත් ඉපැරැණි බිතුසිතුවම්වලට හානි පැමිණ ඇති බව එම පුවත් වාර්තාවෙහි සඳහන් කර තිබිණ.

වහළ නවීකරණය කළ යුතු බවද පැමිණි නිලධාරීන් විහාරාධිපති හිමිහට පවසා ඇති අතර ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව ප්‍රතිපාදන නොමැති බවද පවසා ඇත. කෙසේ නමුදු ඉහළ නිලධාරීන් මේ පළිබඳව දැනුවත්කරන බවද පවසා එම නිලධාරීන් පිටත්ව ගොස් ඇත.

කුට්ටිගල – සේන වී. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment