මැර ප්‍රහාර හේතුවෙන් හයිටි රාජ්‍යයට හදිසි නීතිය

250

බන්ධනාගාර දෙකකින් අපරාධකරුවන් පැනයෑම හා පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන හයිටි රාජ්‍යයේ රජය අගනුවර වන පෝට් අවු ප්‍රින්ස් නගරය තුළ හා ඒ අවට පැය 72ක කාලයක් සඳහා හදිසි නීතිය හා රාත්‍රී ඇඳිරි නිතිය පැනවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අපරාධ කල්ලි දෙකක් විසින් ඉකුත් සති අන්තයේදී හයිටි රාජ්‍යයේ අගනුවර වන ‘පෝට් අවු ප්‍රින්ස්’ හා යාබද ‘ක්‍රොයික්ස් ඩෙස් බෝකෙට්ස්’ නගරවල පිහිටි බන්ධනාගාරවලට කඩා වැදී දරුණු අපරාධකරුවන් ඇතුළු සිරකරුවන් පිරිසක් නිදහස් කරගැනීම හේතුවෙන් මෙසේ හදිසි නීතිය හා රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. අදාළ බන්ධනාගාරවලට කඩා වැදීමේ සිදුවීම්වලදී හටගත් ගැටුම්වලින් 12 දෙනකු මියගොස් ඇති අතර 2021 වසරේදී හිටපු හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනය කළ අපරාධකරු ඇතුළු සිරගත කර සිටි අපරාධකරුවන් 100 පමණ දෙනා මුදා ගෙන තිබේ.

ඉකුත් සති අන්තයේ හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් අවු ප්‍රින්ස් නගරයේ පිහිටි බන්ධානගරයකට කඩා වැදී ඇති මැර කල්ලි සාමාජිකයන් පිරිසක් විසින් එම බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 100 ක් පමණ දෙනා මුදාගෙන පලා ගොස් ඇති බව වාර්තා වේ. හයිටි රාජ්‍යයේ අගමැති ඒරියල් හෙන්රි විසින් කෙන්යාවේ සංචාරයක යෙදෙමින් කෙන්යානු බහුජාතික හමුදාවක් හයිටි රාජ්‍යයට ගෙන්වීම සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වීමට විරෝධය පාමින් අදාළ මැර කල්ලි විසින් බන්ධාගාරවලට කඩා පැන සිරකරුවන් මුදාගෙන ඇති බව වාර්තා වී තිබේ. මැර කල්ලි ප්‍රධානීන් විසින් හයිටි රාජ්‍යයේ අගමැතිවරයාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment