සමහරු නොදුටු රාහු ගේ නියම තත්ත්වය

675

ලංකාවේ සමහර ජ්‍යොතිෂවේදීන් රාහු ගැන හරි අවබෝධයක් නැතිව විවාහ ගළපන බව පෙනේ. මේ නිසා තරුණ තරුණියෝ මහත් අසීරු අසහන තත්ත්වයන්ට පත්වූ අවස්ථා සමාජයෙන් දැකගන්නට තිබේ. චන්ද්‍රයා, කුජ, බුධ වැනි සත්‍ය වශයෙන්ම සිටින, දැකිය හැකි ග්‍රහයකු නොව රාහු ඡායා ග්‍රහයකු ලෙස හැඳින්වේ. එහෙත් සාමාන්‍ය ග්‍රහයකුටත් වඩා බලවත්කමක් රාහුගෙන් දැකිය හැකිය. රාහු දුර්වලව සිටින විට නරක ප්‍රතිඵල උදාකරයි. බලවත්ව සිටින විට ශුභඵල උදාකරයි. ඒ රාහුට හිතකර භාවයන්හි සිටින විටය. 3, 6, 11 යන භාවයන්හි සිටින රාහු ශුභයින්ට පෙනේ නම් සියලු දෝෂ භංග කර යස ඉසුරු හා දීර්ඝායුෂ ලබාදෙයි. රාහු ශුභ ග්‍රහයින්ට එක්වූ විට ශුභඵල දෙයි. අශුභ ග්‍රහයින්ට එක්වූ විට අපල ඇති කරයි. කවුරුන් සමග එක්වුවත් එම ග්‍රහයාගේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි. එහෙත් ඒ බුධ ග්‍රහයා හැරයි. 3, 6, 11 දී හොඳ වූ රාහු 5, 9, 12 දී දෝෂ ඇති කරයි.

විවාහයේදී හතේ සිටින ග්‍රහයින් අතරින් බලවත්ම ග්‍රහයින් වනුයේ රවි, කුජ හා රාහුය. එසේ වුවද රාහු අනෙක් ග්‍රහයින් දෙදෙනාට වඩා වෙනස් ප්‍රතිඵල ඇති කරයි. විශේෂයෙන් දුර්වල රාහු හතේදී විවාහයට නරක ප්‍රතිඵල උදාකරයි. හතේ රාහු ගේ දෝෂ බිඳෙන්නේ හඳහන් දෙකේම හතේ රාහු සිටියොත් පමණි.

සමහර ජ්‍යොතිෂවේදීන් හතේදී රවි, කුජ, රාහු යන ග්‍රහයින් තිදෙනාම සමාන බල ඇති ග්‍රහයින් සේ සලකා කටයුතු කරනු පෙනේ. මේ තිදෙනාගේ බලය හතේදී සමාන වුවත් රාහුගේ වෙනස් ක්‍රියාකාරිත්වයන් නිසා කිසිසේත් රවි හා කුජ සමග සමානව නොසැලකිය යුතුය. හතේ රාහු – විශේෂයෙන් දුර්වල රාහු විකෘති කාමාශා ඇතිකරයි. මෙය ඔරොත්තු දෙන්නේ හතේ රාහු සිටින අයෙකුටමය. හතේ රාහු ඇති අයකු හතේ රාහු නැති අයකු හා විවාහ වුණොත් දෙදෙනාම මහත් වූ අවාසනාවන්ත තත්ත්වයකට පත්වේ. දෙදෙනා දෙදෙනාට ශාරීරිකව හා මානසිකව නොගැළපීමෙන් අවුල් වූ අසහනකාරී තත්ත්වයක් ඇතිවේ. විවාහ ජීවිතය අතර මගදී වරින්වර අමනාප වී ආපසු මහගෙදරට යෑම, තාවකාලිකව හෝ ස්ථිරව වෙන්වීම ආදී අශුභ ඵල දැකිය හැකිය.

සමලිංගික සේවනයට හුරුවූ බොහෝ දෙනා හතේ රාහු සිටින අය වෙති. “හොරෙන් පැනගොස්” විවාහ වන බොහෝ දෙනාද, ලිංගික අපරාධ වලට මුල්වූ බොහෝ දෙනාද හතේ රාහු සිටින අය වෙති. විකෘති කාමාශාව කොතෙක්දැයි කීවොත්, මා අසා ඇති පරිදි සමලිංගික සේවනයට පුරුදු වූ දෙදෙනාගෙන් එක් අයකුගේ විවාහ මංගල රාත්‍රියේදී අනෙක් අයත් එයට සහභාගි කර ගෙන තිබේ. විවාහ වීමෙන් පසුවත් විකෘති තත්ත්වය නිසා වරින් වර පිරිමි ළමයකුගේ පහස ලැබූ රාහු හතේ සිටින අයකු ගැනද අසන්නට ලැබුණි. (මේවා අසත්‍ය කටකතා නොවේ.) මෙම තත්ත්වය බිඳෙන්නේ හතේ රාහු සිටින අයකු හා විවාහ වුණොත් පමණි.

රාහු ගේ වෙනස් වෙනෙස් ගතිගුණ බොහෝය. ලිංගික කටයුතුවලදී මෙසේ අසාමාන්‍ය ගතිගුණ පෙන්වූවත් මෙයට සම්පූර්ණයෙන් වෙනස් ගුණයක් රාහු නීච වීමේදී පෙන්වයි. රාහු නීච වන්නේ වෘශ්චික රාශියේ සිටන විටය. නීච රාහු තමා සිටින තැනට අයිති දේ විනාශ කරයි. නැති කරයි. එය පැහැදිලිව පෙනෙන්නේ හතේදීය. හතේ නීච රාහු සිටින තැනැත්තා විවාහ ජීවිතයෙන් ඈත් කර තබයි. අවිවාහකව සිටීමට සලස්වයි. හතේදී පමණක් නොව නීච රාහු නවයේ සිටින විටද විවාහය අහිමි කරයි.

එඩී කරුණාතිලක
දු. අංකය 0717004360

advertistmentadvertistment
advertistmentadvertistment